සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනය.

මේ මොහොතේ රටේ ජනතාව පත්ව ඇති දුෂ්කර හා අවිනිෂ්චිත තත්වයෙන් ජනතාව මුදවාගැනීම සහ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ප්‍රධාන විපක්ෂය ලෙස පහත කරුණුවලට යටත්ව රට භාරගැනීමට සමගි ජන බලවේගය සූදානම්.

ජනතා මතයට ගරු කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිශ්චිත අවම කාලසීමාවක් තුළ ධූරයෙන් ඉවත්වීමට එකඟවිය යුතුය.

කෙටිකාලයක් සඳහා පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවට ජනාධිපතිවරයා කිසිඳු බලපෑමක් සිදුනොකළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුළ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමටත්, ඒ සඳහා සියළුම පක්ෂවල එකඟතාවය ලබා ගැනීමටත් කටයුතු කරනු ලැබේ.

ජන ජීවිතය යථාතත්වයට පත්කොට, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමෙන් අනතුරුව කඩිනමින් ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය.