සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී අද (16) පැවැත්විණි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ සෙල්වම් අඩෛක්කලනාදන් මහතා එක්ව සිටි අයුරු දැකගත හැකි විය.