දැනුමින් පරිපුර්ණ දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන යටතේ  ලංකේය දරු පරපුරට පිරිනැමෙන 38 වන සුහුරු පන්ති කාමරය මීරිගම කන්දන්ගමුව මහා විද්‍යාලයේ දරුවන් අතට පත් කරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරු 11ට කන්දන්ගමුව මහා විද්‍යාල භූමියේදී “සක්වල” වැඩසටහන පැවැත්වෙන අතර විද්‍යාලයේ ගුරුවරුන්, දූදරුවන් මෙන්ම එම ප්‍රදේශයේ ජනතාවද සහබාගී වීමට නියමිතව තිබේ.