රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු.1700 දෛනික වැටුප කඩිනමින් ලබාදිමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගනනාවක වතු කම්කරුවන් අද දින උදැසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එක් රැස් වි උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරිමට ප්‍රථම උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් සඳහන් කළේ, රජයේ නිලධාරින්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කරන බවත්, තමන් ලබාදුන් රු.1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් විරෝධය පල කරන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ.