හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා වශයෙන් මෙරටට කීර්තිමත් මෙහෙවරක් ඉටුකළ නිමල් ලෙව්කේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගයේ රට ගොඩනැගීමේ වැඩපිළිවල සමඟ සම්බන්ධ වී තිබේ.

නැගෙනහිර කෝටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම් වලදී ඉතාමත් ප්‍රබල කාර්යභාරයක් ඉටුකළ නිමල් ලෙව්කේ මහතා මෙරට පාතාලය මර්ධනය කිරීම වෙනුවෙන්ද මහඟු සේවයක් ඉටුකර තිබේ.

මෙරට තුල හමුදා නිලධාරීන් යොදාගනිමින් සිදුකර තිබෙන, එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි දේශපාලනික සම්බන්දකම් තිබෙන ඝාතනයන් පිළිබඳව නිමල් ලෙව්කේ මහතා වැඩි අවධානයකින් යුතුව කටයුතු කර තිබේ. ඒ පිළිබඳව නිමල් ලෙව්කේ මහතා ලියා තිබූ ලිපියක සඳහන් කර තිබුනේ පහත අකාරයෙන්,

balavegaya z p06 in

යුද පෙරමුණේ සිටි අයෙකු වශයෙන්, අනිත් සියල්ලට වඩා අප අගය කෙළේ මිනිස් ජීවිතය බව මට ඉඳුරා කිව හැක.

අපට දෙන ලද පුහුණුව තුළ, විනය විශේෂයෙන් අවධාරණය කෙරුණු කාරණයකි. ඒ, අන් සියල්ලටමත් වඩා, මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ය. රටේ වෙසෙන සියලූ ජනතාව ආරක්ෂා කිරීම අපේ ඒකායන අභිලාෂය වූ අතර, ඒ වෙනුවෙන් අපේ ජීවිත වුව පරදුවට තබමින් කටයුතු කිරීමට අපි කැප වී සිටියෙමු.