ඊයේ දිනයේ බැංකුගත කිරීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
කෙසේවෙතත් ඊයේ දිනයේ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප ගැනීමට බැංකු වෙත පැමිණියද ඊයේ දින මහබැංකුව මුදල් නිකුත් කර තිබුණේ නැත.
එම හේතුව නිසා විශ්‍රාම වැටුප රැගෙන යාමට පැමිණි වැඩිහිටි පීරිස් ඊයේ දිනයේ දැඩි අපහසුතාවයට පත්විය. ගැටලුව මතුවන්නේ ඊයේ නොතිබූ විශ්‍රාම වැටුප් අද දිනයේ දී බැංකුගත කිරීමට හැකි වුයේ කෙසේද යන්නයි.
මෙම කරුණු නිසාවෙන් ජනතාවට ඇතිවන ගැටළුව වන්නේ ඡන්දය කල්දමිමේ කුමන්ත්‍රණයක් නිසා මෙම විශ්‍රාම වැටුප් ප්‍රමාද කලේද යන්නයි.
එහිදී විශ්‍රාමිකයන් පාලකයන්ට දෙස්දොවොල් තිබූ ආකාරයක් දැකගත හැකි විය.