කඩදාසි නොමැතිව බස්නාහිර පළාතේ 7.8.9 ශ්‍රේණි වල විභාග නතර කිරිමට හා 10 සහ 11 ශ්‍රේණි වල විභාග ලබන මාසට කල් දැමීමට පියවර ගෙන ඇති බවත් මෙය ඉතිහාසයේ පළමු වරට සිදු වු සිදු වීමක් බව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .

අද රාත්‍රියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යන බවට ආරංචි වී ඇති බව ද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී කියා සිටියාය .

තව දුරටත් කියා සිටියේ ආණ්ඩුව නියෝජනය කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුයේ නාමල් රාජපක්ෂ මහතා බලයට ගෙන එමට බව ඇය කියා සිටියාය .

ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කිරීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුට පිටුපසින් නායකත්වය ලබා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවයි. තවද ඔහුන් ඉදිරියට සිදු කරන්නේ විශ්වාසභංගයක් හරහා බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කොට නාමල් රාජපක්ෂ මහතා බලයට ගෙන එමට කටයුතු කරන බවයි .

තව දුරටත් කියා සිටියේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් එවැනි අරමුණිකින් තොරව බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කරනවා නම් වත්මන් ආර්ථික අර්බුදයට රාජපක්ෂවරු සියලුම දෙනා වගකිව යුතු හෙයින් රාජපක්ෂවරු සියලුදෙනා විවේචනය කරන ලෙසද කියා සිටියාය .

මේ අදහස් දැක්වූයේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .

සටහන – CJ