විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මෙි මොහොතේ රට පත්ව ඇති අවසානාවන්ත තත්වයේ පුර්ණ වගකිම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගත යුතුය.

පුරා මාසයක් සමකාමි අරගලයක නියැලුනු නිරායුධ සිවිල් ජනතාවට සංවිධානාත්මක මැර ප්‍රහාරයක් දියත් කිරිම කිසිදු ශිෂ්ඨ සම්පන්න ජනසමාජයක් අනුමත නොකරයි.

මෙම නින්දාසහගත ප්‍රහාරයට සෘජුවම වගකීමෙන් සහ වගවීමෙන් බැදෙන ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුය.මේ මොහොතේ ඉන් බැහැරව විසදුමක් සෙවීමට අවකාශයක් නැති බව අවධාරනය කරමු.

හදිසි නිතිය පැනවීම අරලියගහ මංදිරයට මැරපිරිස් කැදවීම ඔවුන් මෙහෙයවමින් මයිනාගෝ ගම සහ ගොඨාගෝ ගමට පහර දිම මෙම අනීතික ක්‍රියාදාමයේ සංවිධානාත්මක බව තහවුරු කරයි.

එබැවින් අගමැතිවරයා පමනක් නොව ජනාධිපතිවරයාද වහාම ඉල්ලා අස්විය යුතු බව යලිත් අවධාරනය කරමු.

ඒ තුලින් ජනතාව සන්සුන්ව කටයුතු කිරීමට මග පාදනු ඇත.මේ මොහොතේ සන්සුන්ව සහ ඉවසිමෙන් කටයුතු කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.