අද වන විට ප්‍රධාන ප්රවෘත්ති සිරස්තලය බැලුවොත් සියලුම පත්තර වල තියෙන්නේ පෝලිම් නිසා මරණ 11ක් සිදුවෙලා කියලා. ගෝඨාභය රාජපක්ෂ 2019 මේ රටේ ජනාධිපති වෙලා මේ දක්වා වැඩියෙන්ම කරලා තියෙන්නේ මිනිස්සු මරපු එක. කොරෝනා ආවා එය නියමාකාරයෙන් වළක්වන්න කටයුතු කළේ නෑ ධම්මික පැණියක් පස්සේ ගියා. දස දහස් ගණනක් මිය ගිය අපි විපක්ෂයේ විදියට කිව්වා මේ රටේ විද්වතුන් කිව්වා අදාල එන්නත් ගෙනල්ල ලබා දෙන්න කියලා එය නියම ආකාරයෙන් ක්‍රියාත්මක කළේ නෑ. ඒකෙන් මිනිස්සු මිය ගියා .ඊට පස්සෙ ගෑස් බෝම්බ බවට පත් කරලා අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වලට යැව්වා ඒකෙන් තව මිනිස්සු ප්‍රමාණයක් මිය ගියා අද වන විට මේ රටේ පෝලිම් නිර්මාණය කරලා ඒකෙන් තවත් මිනිස්සු ප්‍රමාණයක් මිය යමින් තියෙනවා.
මේ රටේ හැමෝමත් කෘෂි විශේෂඥයින් පවා කියනවා ඉදිරියේදී දැවැන්ත ආහාර හිගයක් එනවා කියලා ඒ කියන්නේ ඊළඟට අපේ රටේ මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව .ඒ නිසා අද වන විට මේ රටේ ආණ්ඩුවක් තියෙනවා නම් තියෙන්නේ මිනිස්සු මරන්න මිසක් ජීවත් කරවන්න නෙමෙයි.
අද අපි දන්නවා කුඹුරේ පඹයෝ හිටවන්නේ කුඹුරට එන සතුන් බය කරන්න අද අපේ රටේ ජනාධිපති සහ අගමැති පඹයෝ ගානට වැටිලා ඔවුන් කරන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ටික රූපවාහිනියට ඇවිත් අපිට කියන එක ඔවුන් කියනවා සති දෙකක් තෙල් නෑ ,ගෑස් නෑ කියලා ඒවා නැති නිසා තමයි මේ රටේ මිනිස්සු ඡන්දය දීලා බදු මුදල් ගෙවලා ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් කැබිනට් මණ්ඩලයක් පත් කළේ අද ඔවුන් කරන්නේ කාලගුණ අනාවැකි කියනවා වගේ රටේ ප්‍රශ්න ටික තියෙනවා මිනිස්සු හැටියට අපිට විසඳුම් හොයා ගන්න කියන තත්ත්වයක් නිර්මාණය වෙලා. ඇත්තටම බැලුවොත් මේ ප්‍රශ්න වල නිර්මාණකරුවන් තමයි ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ අජිත් කබ්රාල් පී.බී ජයසුන්දර හා මුදල් අමාත්‍යංශයේ අනෙකුත් ලේකම්වරු අද ඒ සියලු දෙනා ඒ තනතුරු වලින් අයින් වෙලා අපිවත් රටේ මිනිසුන් වත් මේ ප්‍රශ්න වලට ඇදලා දාලා ඔවුන් සුවසේ ජීවත් වෙනවා මේ ප්රශ්නය ආරම්භයේ දී වගකිව යුතු විපක්ෂයක් හැටියට පැහැදිලිව කිව්වා මේ රටේ ආර්ථික අර්බුදයකට කෙමෙන් කෙමෙන් යනවා කියලා. ඒ නිසා විසඳුම් ලබා දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 2020 දීම යන්න කියලා කිව්වා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරන්න කිව්වා ඩොලර් එක පාවෙන්න ඉඩ හරින්න කිව්වා අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය උදව් උපකාර ගන්න කිව්වා බදු සහනාධාර කෝටිපති ව්‍යාපාරිකයන්ට දෙන්න එපා කිව්වා කසි දෙයක් ඇහුවේ නෑ රටෙන් ඩොලර් බිලියන 7 කට ආසන්න සංචිත ප්‍රමාණයක් තිබුණා මේ සියල්ල විනාශ වන ඔවුන්ගේ හිතුවක්කාර උද්දච්ච තීන්දු තීරණ ගත්තා අජිත් නිවාඩ් කබ්රාල් තමන්ගේ හිතවත් අයට බැඳුම්කර වන කවුරුත් එපා කියපු ඩොලර් මිලියන 500 ක් මේ අවුරුද්දේ මුල ගෙවලා දැම්මා අවසානයේ මොකද වෙලා තියෙන්නේ රෝහල්වලට බෙහෙත් ටික නෑ ගොවියට තමන්ගේ කුඹුරු අස්වද්දන එළවළු ටික වගා කරගන්නේ පොල් වගා කරනවා පොහොර නෑ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ටික නෑ ව්‍යාපාරිකයන්ට තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න ඩොලර් නෑ මේ සියළු දේවල් වලට වගකියන්න ඕන රාජපක්ෂ පරම්පරාවේ දී කිසි කෙනෙක්ට කිසිදු ආකාරයේ දඬුවමක් නැහැ නීතිය ඉදිරියේ දඬුවමක් ක්‍රියාත්මක වෙන්නේ නෑ හුදෙක්ම හිසරදයට කොට්ටය මාරු කරනවා වගේ එක අගමැති කෙනෙක් අයින් කරල තව අගමැති කෙනෙක් දැම්ම හිටපු ඇමතිවරු වගේ විෂය පථය මාරු කරලා පොහොට්ටුවෙම තව ඇමතිවරු කණ්ඩායමකට ඒ වගකීම් බාර දීලා ඒ නිසා මේකත් එක්ක පැහැදිලිව පේනවා අපේ රට ලංකා ඉතිහාසය කවදාවත් පත්වෙච්ච නැති බරපතළ ව්‍යසනයකට පත් වෙලා තියෙන්නේ ඒ නිසා ඉදිරියේ දී මේක ලේ වැගිරීමක් වෙයිද එතනින් එහාට ගිය තවත් විප්ලවයක් වෙයිද කැරැල්ල වෙයිද කියලා අපිට පැහැදිලිව පේන්නේ නෑ එවැනි බරපතළ තත්ත්වයකට තමයි මේ රට දිනෙන් දින පත් වෙන්නේ .