තෙල් අර්බුදයේ ප්‍රසිද්ධ නොවෙච්ච දෙයක් තියෙනවා ඒ ගැන ජාතික විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කර තියෙනවා. පුනර්ජනනිය බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව. එක ප්‍රධාන කරුණක් තමයි බලශක්තිය ගැන එය කවුද නිෂ්පාදනය කරන්නේ කොයි රටෙන් ද එන්නේ ටෙන්ඩර් එකක් තියනවද නැද්ද කියන වාද විවාද තියෙනවා. නමුත් වැදගත් කරුණු දෙකයි තියෙන්නේ එකක් තමයි ගාණ කීයද මොකද ලාබ මුදලට ගත්තොත් පාරිභෝගිකයන්ට වාසියක් තියෙනවා ඊට අමතරව නිෂ්පාදන ක්ෂේත්‍රයට ආපුවම වැදගත් වෙනවා මොකද ආයෝජකයන් මෙරටට එන්නේ නෑ බලශක්තිවල මිල අඩු නැත්තම් ලංකාවෙ මිල අධිකයි නිසා .මේක ලොකු ප්‍රශ්නයක් අපේ රටට වැඩිය හුඟක් බලශක්ති ලාබෙට ලබාගන්න පුළුවන් රටවල් තියෙනවා.

දෙවැනි කරුණ බලශක්තියට ආපුවාම පරිසර හිතකාමී වෙන්න ඕන ලංකාවේ. පුනර්ජනනිය බලශක්තිය 37% වගේ වෙන්නේ 63%ම තියෙන්නේ ගල් අඟුරු සහ තෙල් වලින් එයට ගිවිසුම් තියෙනවා.ඒ සදහා රටවල් ගිහින් අත්සන් කරා .ලංකාවේ බලශක්තියයේ ප්‍රමාණය බලන්නේ කිලෝ වොට් වලින් එය විදුලිය නිෂ්පාදනය වන්නේ. අද ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කලෝත් කිලෝවොට් රු 100ක් යනවා. පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය මිල අඩුයි. මූලිම දේ ලාබෙට විදුලිය ලබා ගන්න එක .මෙහි මිලේ විශාල වෙනසක් තියෙනවා ඒ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ .

2017 සිටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා.එහිදී සූර්යබලය ,සුලං බලාගාර කුඩා ඒවා තියෙනවා .එහිදී විදුලි බල මණ්ඩලය ඒකකයේ මිල කියනවා එය පොඩි ⁣ප්‍රමාණයක් නිසා ටෙන්ඩර් නැතුව ගන්න පුළුවන් ඒ වැඩපිළිවෙළට මොකද වු⁣ණේ .එයට සුනිත්‍ය අධිකාරියක් තිායනවා එයට 2017-2020 අතර අවසර දීලා ව්‍යපෘති 1400ක් කරන්න .මෙගා වෝට් 4000 යි.එහිදී කුඩා ව්‍යාපාරිකයන් ඇවිත් කරනවා. එයට අවශ්‍ය ගිවිසුම ගහන එක රතන වෙලා තිබෙනවා.ඒ බව කියන්නේ ජාතික විගනන කාර්යාලයේන් .

වහාම අපි ඉල්ලනවා කුඩා ව්‍යාපාරිකයන් ගෙන් මේවා අපේ බලශක්තියට එකතු කරගන්න කියලා .අද ප්‍රශ්නය ලොකු ව්‍යපෘති ගැන ඒවා තරගකාරී මිලට ගන්න ඕන.වැදගත් දේ අපේ පාරිභෝගිකයාට විදුලිය ලබා දීමයි.විදුලිය කොහෙන් ආවත් අපිට කමක් නෑ මිල අඩුවීමයි අපිට ඕන.

අද මතයක් ඇති කරලා තියෙනවා මැතිවරණයක් තියන්න බෑ කියලා .මේ ප්‍රශ්නය විසදන්න එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවා පුළුවන්. නමුත් ඒක කරන්න බෑ .19ක් ගෙනවා කියලා කිව්වා නමුත් ඒක කරන්න බෑ එසේනම් විකල්පය මැතිවරණයකට යෑමයි.ඡන්දයකට යනවා කියන්න අපේ මතය ප්‍රකාශ කිරීමයි.වියදම් ගැන කියන ඒවා බොරු .