ව්‍යාපාරික ස්ථානයක විදුළි බිල ගෙවාගැනීමට නොහැකිවීම නිසා, විදුලිය විසන්ධි කිරීමට නිවසට ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

පහරකෑමෙන් තුවාල ලැබූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි ගම්පහ පොලිසිය සඳහන් කරන්නේ.

ගම්පහ නගරයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය අවස්ථාවේදී ඊයේ (04) පස්වරුවේ මෙම පහරදීම සිදුවී තිබුණා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක වන බවයි.