විදුල බල අමාත්‍යවරයා විදුලිය කපන්නේ නොමැති බව ප්‍රකාශ කළාත් නමුත් සැම දිනකම විදුලිය කපන බවත් ඉන්ධන නොමැති බව කියා විදුලිය කැපීම ප්‍රශ්නයට විසදුමක් නොවන බව හිටපු ආමත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මේ බව කියා සිටියේ අද(20) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ හිටපු ආමත්‍යවරයා ,

“ඒ අස්සෙ අපට පේන්නේ අද විදුලිබල ප්‍රශ්නයක් කොරේ පිටට මරේ කියලා ඇවිත් අපි දකිනවා විදුලිබල ඇමතිවරයා ආදුරේ අතපත ගාන තත්ත්වයට පත්වෙලා එතුමා දන්නේ නැහැ විදුලිබල මන්ඩලයේ වෙන්නේ මොනවාද කියලා හැමදාම මාධ්‍යයට ඇවිත් කියනවා අපි විදුලි බලය කපන්නේ නැහැ කියලා හැබැයි හැමදාම විදුලිය කපන තත්වයට ඇවිත් අඩුම තරමේ ගෙදරක වුනත් අවශ්‍ය බඩු ටික ගබඩා කරගන්න පුළුවන් වෙලා තියෙනවා පුද්ගලික කර්මාන්තශාලාවක් ගත්ත මාස තුනක ගබඩාවක් කරගන්නවා විදුලිබල ඇමති තුමා දන්නේ නැද්ද ජලාශවල ජලය අඩුවෙනවා කියලා ඉන්ධන තොග මෙච්චරයි කියලා කලින් දැනගෙන හිටියේ නැද්ද එතුමාට අමාත්‍යංශය භාර දීල තියෙන්නෙ මේ පිළිබඳව කළමනාකරණය කරලා සූදානම් වෙන්නේ රටේ ජනතාව අඳුරේ තියන්න බැහැ එතුමාට බොහොම ලේසියෙන් කියන්න පුළුවන් පැය එක හමාරක් විදුලිය කපනවා කියලා හෙට වෙනකොට පැය තුනක් කපනවා කියලා එතුමට කියන්න ලේසියි ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් දෙන්නේ නැති හින්දා අපි විදුලිය කපනවා කියනවා එය ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි .හැට නම ලක්ෂයක් බලය දුන්නේ මේකට නෙමෙයි ඒ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නේ නැතුව කැබිනට් එකේ ඉන්න මැති ඇමැතිවරු ටික ඇවිත් මේ විදියට කියනකොට මොකක්ද වෙන්නේ අපට තේරෙන්නේ විදුලිබල ඇමතිවරයා එලොව විකාරෙන් මෙලොව දොඩවන වගේ තත්ත්වයක් ආණ්ඩුවේම ආයතන දෙකක් අතර හරි කළමනාකරණයක් නැහැ ඒ වගේම තමයි තෙල් පිළිබඳ ඇමැතිවරයා කියනවා තව දින අටකට තෙල් දෙන්න පුළුවන් කියලා එතනින් පස්සේ ඉන්දියාවෙන් මිලියන පන්සීයක් අරන් තියෙනවා තව මාසෙකට හුස්ම ගන්න පුළුවන් කියනවා හැබැයි ඉදිරියේදී එන්නේ වර්ෂාව අඩු වෙන තත්ත්වයක් ජලාශවල වතුර හිඟ වෙනවා මේ ඇමතිවරු දෙන්නෙම දන්නේ නැහැ අපි මොකක්ද මේකට කරන්නේ කියලා අඩුම තරමේ ආණ්ඩුව දන්නෙත් නැහැ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න ඕන රටේ ජනතාව මොන පාපකර්මයක් කෙරුවට ද දුක් විඳින්නේ අද දරුවාට ශිෂ්‍යත්වෙ පවත්වන්න දවස් වල ළමයින්ට පාඩම් කරගන්න ලයිට් නැහැ ගෙදර උයන්න විදියක් නැහැ බේකරියේ පාන් හදන්න විදිහක් නැහැ හැන්දෑවේ විදුලිය කැපුවම වැඩ කරන කම්කරු ධීවරයා තමන්ගේ ගෙදර උයා පිහා ගන්න කන්න බොන්න විදියක් නැත්තං දරුවාට පාඩම් කරන්න විදියක් නැත්නම් මේ රට කොයි අතටද යන්නේ ඇමතිවරුන්ට ලේසියෙන් කියන්න පුලුවන් අපට තෙල් දෙන්න නැති හින්දා ලයිට් දෙන්න විදියක් නැහැ කියලා අනිත් ඇමතිට කියන්න පුළුවන් තෙල් ගන්න සල්ලි නෑ කියලා ඒව කියන්න ආණ්ඩුවක් ඕනද හරියට නිකං විදුලිබල ඇමතිවරයා ඛනිජ තෙල් භාර ඇමතිවරයා වැස්සට වදුරෝ ගෙවල් හදනවා වගේ පිරිපහදු මධ්‍යස්ථානය වැහුවා පිටින් ඩීසල් ගන්න ඕන හැබැයි පිරිපහදුවේ තෙල් ටික අඩුවෙනවා දැනගත්ත අපේ සැලැස්මක් තියෙන්න ඕන මාස තුනක් මේ කියන්නේ කොහොමද කියලා එහෙම නැහැ අද ආණ්ඩුව එදා වේල ටුවර්ස් අද දවසට විතරක් කොහෙන් හරි දෙයක් හොයා ගන්නවා ඒක තමා හොයාගෙන හෙට දවස ගැන හිතන්නේ හැබැයි ඒ සියල්ල ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ අද මේ රටේ මහජනතාවට එකපැත්තකින් ජීවන බර දරාගන්න බැරිවෙලා අනිත් පැත්තෙන් ආණ්ඩුව මේ කරන වැඩේ රටේ ජනතාවට විහිළු සපයනවා හරියට රටේ ජනතාවට විකට නාට්‍ය තරගයකට ඉදිරිපත් කරනවා වගේ මැති ඇමති හැසිරෙන්නේ එහි තරගකරුවෝ එහෙට මෙහෙට යනවා ගෑස් ප්‍රශ්නය ආවා එහි සභාපති වරයා ජනාධිපතිතුමා අයින් කරා හැබැයි ඇමැතිවරයා ඒ සභාපති පත් කරනවා මේ රටේ ගෑස් ප්‍රශ්නයක් ආවම නම් කවුරු නිසාද ඒක වුනේ ප්‍රමිතිය වෙනස් කරන්න ආණ්ඩුවද උපදෙස් දුන්නේ හරි විදිහට නං ඒ සභාපති වරයා උපදෙස් දීපු අය අධිකරණයට ගෙනල්ලා හිරේ දාන්න ඕන කාලෙ ඒක කරන්නෙ නැතුව සභාපති මාරු කරනවා නැවත පත් කරනවා දැන් අපි දැක්කා ලේකම්වරු මාරු කරා සභාපති වරු මාරු කරනවා ඒකයි මං කිව්වේ විකට ඇඳුම් තරගය තරග කාරයෝ එහාට මෙහාට කරන්න මගේ ආණ්ඩුව හැසිරෙනවා මේවා කරල රටේ ජනතාව දවසින් දවස විපතට පත් වෙන තත්ත්වයක් ඇතිවෙලා ආණ්ඩුවට වහාම කියන්නේ 69 ලක්ෂයක් නෙමෙයි ඒ කරපු පාපයට රටේ කෝටි දෙක ජනතාව පලි නැහැ සියලු දෙනාම රජයක් විදියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.”