විකිණිල්ල සහ ප්‍රතිව්‍යුහගතකරණය යනු එකිනෙකට සම්පූර්ණ පරස්පර අදහස් දෙකක් බවත් මේ වන විට රජය ප්‍රධාන වශයෙන් විකිණිල්ල පමණක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනාකර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා පල වී ඇත.

එම තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27/2යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න රැසක් අසනු ලැබීය.