හෙට දිනයේදී ආණ්ඩුවේ ඉල්ලීම මත හදිසියේම පාර්ලිමේන්තුව රැස්කිරීමට කටයුතු කර ඇති නමුත් එහිදී විවාද කිරීමට නියමිත ජුනි 26 වන දා පැරිස් සමාජය සමඟ අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳව තවමත් අත්සන් කළ ලියවිලික් හෝ කිසිඳු දැනුම්දීමක් කර නැති බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ජනතාවගේ මුදල් පිළිබඳව පුර්ණ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව අවධාරණය කරමින් මහාචාර්යවරයා කියා සිටින්නේ මේ පිළිබඳව සියලු තොරතුරු පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ලබාදිය යුතුව තිබුනද තවමත් එම කාරකසභාවට හෝ තොරතුරු ලබා දී නොමැති බවයි.

එතුමා වැඩිදුරටත් කියා සිටින්නේ මෙය රජය ජනතාව ඇන්දවීම සඳහා ගෙනයන පිළිකුල්සහගත ප්‍රයත්නයක් බවයි.

ජනාධිපතිවරයා ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

කොළඹ අද (1) පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මහතා එසේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවැනි ගිවිසුම් පිළිබඳව අනිවාර්යෙන් දැනගැනීමට අයිතියක් ඇති බව කී ඒ මහතා රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය කරන ප්‍රකාශ මහජනතාව රවටන ප්‍රකාශ බව ද සඳහන් කළේය.