හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතාගේ විශ්‍රාම යාමෙන් පසු වැඩබලන නීතිපති ලෙස පත්කළ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පසුගිය ජූලි 1 වනදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපති ධුරයට පත්කිරීම පිළිබඳව රටේ යම් යම් ක්ෂේත්‍ර වල පුද්ගලයින් විවිධ අදහස් දැක්වූ අතර ජනාධිපති උපදේශකවරයෙකු එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ නීතිපතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියත් යන ආධී කරුණු පමණක් පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමුකරන අතර එම ධූරය ජ්‍යෙෂ්ඨත්වය මත පත්කිරීම පිළිබඳව නීතියේ සඳහනක් නොමැති බවයි.
හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා එම තනතුර සඳහා නම් කරනු ලැබුවා.