සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් වලට 25%ක අධිභාරයක් පැනවීමට රජය කටයුතු කළ නමුත් එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් එය වලක්වා ගැනිමට සමගි ජන බලවේගයට හැකි වු බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ,
“අද වන විට රටක ඩොලර් නැතුව රුපියල් ව නැතුව බංකොලොත් වෙලා රජය මේ වෙලාවේ බැලුවා වැඩකරන ජනතාවගේ සාක්කුවට පහළ රජයේ නාස්තිකාර වියදම් වලට මුදල් හොයන්න. ඒ වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතක් මේ රටේ තියෙන විශාල සමාගම් සහ විශාල ආයතන වලින් රුපියල් බිලියන දෙකකට වැඩිය ආදායම් ලබන ආයතන වලින් 25% ක ලාභය මත අධිභාරයක් ඒ යටතේ තිබුණු ලොකුම සමාගම තමයි දකුණු ආසියාවේ තියෙන ලොකුම ආයතනය සේවක අර්ථසාධක අරමුදල රුපියල් ත්රිලියන තුනකට වැඩිය තියෙනවා මේකට යටත් වෙනවා සේවක භාරකාර අරමුදල ආණ්ඩුව බැලුවා මේකෙන් බිලියන සීයක් හොයාගන්න ඒකෙන් 60% මේ රටේ වැඩකරන ජනතාව තමන්ගේ දුක් මහන්සියෙන් තමන්ගෙ දහඩිය හෙළලා රස්සාව කරලා ඉතුරු කරපු සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලෙන් ගන්න තමයි ලෑස්ති වුනේ. ඒවා අරන් රජයේ හිතවතුන්ට තාර දාන්න කොන්ත්‍රාත් දෙන්න තමයි ආණ්ඩුව ලෑස්ති වුණු බව” මන්ත්‍රීවරයා පැවසීය .
වැඩි දුරටත් කියා සිටියේ ,
“මේ සේවකයින්ගේ ඉතුරු කරපු මුදල් වලට ඒ ලාභයට පොඩි මුදලක් නෙමෙයි බිලියන 60ක් ආණ්ඩුව ගන්න යනකොට සමගි ජන බලවේගය එකම පක්ෂය ඒ සම්බන්ධව අධිකරණයට ගියා කරුණාකරලා මේ සේවකයින්ගේ මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් වලට තට්ටු කරන්න එපා කියලා. අපි සන්තෝස වෙනවා අපේ නීතිඥ මණ්ඩලය අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධව කටයුතු කරද්දී ඊයේ නීතිපතිවරයා ඇවිත් අධිකරණයේ දී මේක අයින් කරගෙන තියෙනවා මේ 25% අධිභාරය සේවක අර්ථසාධක අරමුදලනුත් සේවක භාරකාර අරමුදලෙනුත් ඒ වගේම වැඩ කරන ජනතාවගේ මුදල් තිබෙන ආයතන දහතුනකිනුත් මේක වැඩකරන ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලැබූ බව ද, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය .
තව දුරටත් කියා සිටියේ ,
“අපිට මතක් යනවා අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිගේ පරණ කටයුතු ග්‍රීසියෙන් බොන්ඩ ඊටීඑෆ් ඊපීඑෆ් සල්ලි ආයෝජනය කරලා කඩා වැටෙන රටක කඩා වැටෙන ආයතන ලබපු මුදල් නැති කරා ඒ වගේම තවත් ලංකාවේ සමාගම් වල මේ විදියට මුදල් ගසාකන්න ගියා එය අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එ වෙනුවෙන් අධිකරණයට ගරු කරන බවද” මන්ත්‍රීවරයා කියා සිටියේය .