ජනාධිපති පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත් රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත් එය නොවිය යුතු ක්‍රියාවක් බවත් අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයාගේ මෙවැනි ක්‍රියාවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය තව තවත් කල් යාමට ඉඩ ඇති බවත් ව්‍යවස්ථාදායක සභාවට විධායකය ඇඟිලි ගැසීම දිගින් දිගටම සිදුකළොත් තිබුණ අරගලයට වඩා වැඩි අරගයක් ඇතිවීමට හැකි බවත් ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නැති බවත් ආණ්ඩුවේ එකම වැඩපිළිවෙල රටේ සම්පත් විකිණීම බවත් රජයේ ආයතන 152 ක් විකුණන්න රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී තිබෙන බවත් ලාභ ලබන ආයතන 15 ක් වහන්නත් රජය තීරණය කර තිබෙන බවත් අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

අශෝක් අබේසිංහ මහතා මෙම මාධ්‍ය සකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් දැක්වූ අදහස්,