මාතලේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ දේවහූව මුස්ලිම් මහා විද්‍යාලයට වසර 38ක සිට ගණිත ගුරුවරයෙක් සිට නොමැති බවත් ඊට අමතරව බුත්තල ගොණගංආර කණිෂ්ඨ විද්‍යාලයට තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් නොමැති බවත් මේ සියල්ල අනාවරණය වූයේ පසුගියදා සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එම පාසල්වල ගිය අවස්ථාවේ දී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අපේ රටේ ගුරුවරු 40000ක හිඟයක් පවතින බවත් එම හිඟය පියවීමට 22000ක් වූ සංවර්ධන නිලධාරීන් ඉටු කළ සේවාවට ඇගයීමක් ලෙස නිසි ක්‍රමවේදයක් ලෙස ඔවුන් ගුරු ක්ෂේත්‍රයට බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.