අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 97 ක්‌ මත 18% ක වැට් පැනවීමට එරෙහිවත් සේවකයින්ට කිසිඳු සහනයක් නොදීම හෙතුකොටගෙනත් වරාය සේවක වෘත්තීය සමිති එකතුව විසින් හෙට (28) දින පැවැත්වීමට නියමිතව තිබූ වරාය සේවක එක් දින අකුරට වැඩ කිරීම සහ උද්ඝෝෂණයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

2024 – 2026 වැටුප් වර්ධකය ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන මෙම උද්ඝෝෂණය හෙට දහවල් 12.00 ට ඛාන් ඔරලෝසු කනුව ඉදිරිපිට පැවැත්වෙන බවයි වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර තිබුනේ.

කෙසේවෙතත් වරාය තුළ හෙට දිනයේ (28) සේවාවන් අඩපණ වන පරිදි හා දෛනික කටයුතු වලට බාධාවක් වන කුමන ආකාරයක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෝ වැඩ වර්ජනයක් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.