ජනාධිපතිතුමා මේ මොහොතේ 13වන සංශෝධනයක් ගැන කතා කරන්නේ නිසි අවබෝදයක් නැතුව බවත් මේ මොහොත වන විට රටේ මිනිස්සු බඩගින්නේ ,දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අද(2) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ,

ජනාධිපතිතුමා මේ මොහොතේ දහතුන්වන සංශෝධනයක් ගැන කතා කරනවා මේ මොහොතේ අපිට තියෙන ප්‍රශ්නය 13 වත් 14 වත් නෙමෙයි රටේ තියෙන මූලික ප්‍රශ්නය ජනාධිපතිවරයා එය තේරුම් අරගෙන නැහැ. රටේ මිනිස්සු බඩගින්නේ ,දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ බදු ප්‍රශ්නයත් එක්ක රාජ්‍ය , පෞද්ගලික අංශයේ සේවකයන් බිමට ඇද වැටිලා දැඩි පීඩනකාරී තත්ත්වයකට ජනතාව මුහුණ දෙන කොට ඒවාට උත්තර හොයන්නේ නැතුව ජනාධිපතිතුමා දහතුනක් ගැන කතා කරනවා එය හොඳද නරකද ව්‍යවස්ථානුකූලයිද, ඒක වෙනම කතාවක් හැබැයි ඒකට මේක නෙමෙයි අවස්ථාව.

බුදු හාමුදුරුවෝ කළ ප්‍රකාශයක් තියෙනවා බඩගින්නේ ඉන්න මිනිහෙකුට ධර්මය දේශනා කරන්න එපා කියලා ඒ මිනිහට ඉස්සරවෙලා කන්න දෙන්න ඕන බඩ පුරවලා තමයි ධර්ම දේශනාව කරන්න ඕන එහෙම නැත්නම් ඒක දරාගන්න බැහැ . ඒ නිසා නිතරම බුදුවදන් ප්‍රකාශ කරන ජනාධිපතිතුමාට අපි කියන්නේ බුදුන් වහන්සේගේ ප්‍රකාශය ගැන හිතන්න බඩගින්න බඩගිනින්නේ ඉන්න මිනිහට කන්න ටිකක් දීලා ඊට පස්සේ ධර්ම දේශනාව කරන්න ඕන බව බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විපක්ෂ නායක කාර්යාලයේදී ප්‍රකාශ කළේය.ඒතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතය ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.