අගය මත පැනවූ බදු (වැට් බදු) සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් ප්‍රතිගාමී බදු වැඩි කිරීම තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් මෙසේ රජය ගත් තීන්දු තීරණ තුළ රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත්ව වැඩි කිරීමට රජයට නොහැකි වි ඇති මොහොතක රජය බදු ගෙවන්නන්ගෙන් ගත හැකි උපරිම බදු ලබා ගැනීමත් ප්‍රගතිශීලී බදු සහ ප්‍රතිගාමී බදු වැඩි කර තමන්ගේ නොහැකියාව තුළ රජයට අහිමිවන ආදායම කෙසේ හෝ රටේ ජනතාවගේ කරපිට පටවා අය කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (31) විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවකදීය.

වත්මන් රජය බදු පරිපාලනයේ වෙනසක් සිදු නොකරන බවත් බදු පරිපාලනය ඩිජිටල්කරණය, නවීකරණය හා යාවත්කාලින කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් බදු පැහැර හරින කණ්ඩායමවලට රජය කිසිදු පියවරක් නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් විද්‍යාත්මක නොවන අක්‍රමවත් ලෙස බදු සහන ලබා දීම තුළින් පවා රජය රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් මෙම අංශ 3න්ම බදු අය නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට වැට් බද්ද සියයට 18ක් කර සාමාන්‍ය ජනතාවගේ බදු බර වැඩි කිරිම නිහීන පහත් ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා ප්‍රශ්න කර සිටින බවත් රටේ ජනතාවගේ බාරකරුවන් ලෙස මෙවැනි තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් මෙවැනි තීන්දු තීරණ ගෙන ඇත්තේ රටම ප්‍රතික්ෂේප කරන තාවකාලික සීමාසහිත මන්ත්‍රීවරුන්ගේ වරමින් බිහි වූ ජනාධිපතිවරයෙක් බැවින් මෙසේ අසීමිත ලෙස බදු බර පැටවීම අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මාස 3න් 3ට විදුලි බිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

තවද වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත් ව්‍යාජ දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටේ පාරිභෝගික ජනතාව මංමුලා කර බදු බර වැඩි කර විදුලි බිල මාස 3න් 3ට ඉහළ දැමීමට සූදානම් බවත් මෙම තීන්දු තීරණවලින් ඔප්පු වන්නේ ජන පීඩක ජන ඝාතක ජනතාවගේ කරපිට ඉමහත් පීඩනයක් අසහනයක් දුකක් වේදනාවක් ගෙන එන අදූර්දර්ශී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාස 3න් 3ට විදුලි බිල වැඩි කිරිමටත් වැට් බදු වැඩි කිරිමටත් රජයට කිසිදු වරමක් නොමැති බැවින් වහාම මැතිවරණයක් කරා යා යුතු බවත් ලක්ෂ 220ක් වූ ජනතාවට නව ජනවරමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එතෙක් මේ රජය ක්‍රියාත්මක කරන තීන්දු තීරණ ජනතා විරෝධී තීන්දු තීරණ ලෙස නම් කරන බවත්.

සිදු නොකරන බවත් බදු පරිපාලනය ඩිජිටල්කරණය, නවීකරණය හා යාවත්කාලින කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් බදු පැහැර හරින කණ්ඩායමවලට රජය කිසිදු පියවරක් නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් විද්‍යාත්මක නොවන අක්‍රමවත් ලෙස බදු සහන ලබා දීම තුළින් පවා රජය රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් මෙම අංශ 3න්ම බදු අය නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට වැට් බද්ද සියයට 18ක් කර සාමාන්‍ය ජනතාවගේ බදු බර වැඩි කිරිම නිහීන පහත් ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.