විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් කොටවන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රයත්නයන් පුස්සක් බවට පත්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමෙන් හිස්වන මන්ත්‍රී ධුරයට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට අවශ්‍ය නොවන බවත් එම ධුරයට වඩාත්ම සුදුසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය යන වගත් අවධාරණය කරමින්.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට වඩාත් සුදුසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ හිෂාම් කාරියප්පර් මහතා පවසයි. එම මන්ත්‍රී ධුරය තම පක්ෂය ඉල්ලා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු සඳහන් කර තිබූ අතර පක්ෂයේ නායකයා වන රවුෆ් හකීම් මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හිස් වූ මන්ත්‍රී ධුරයට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙකු යැවීමට අවශ්‍ය නොවන බවත් ඒ බවට පලවන මාධ්‍ය වාර්තා සියල්ල ආණ්ඩුවට හ්කිතවාදී මාධ්‍ය ආයතන විසින් නිර්මාණය කරන පුවත් බවත්ය.
ජාකිත ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග මෙම පුරප්පාඩුව පවතී.