ඉන්ධන මිල අඩු කිරිමට රජය පියවර ගෙන තිබෙන නමුත් මේ වනවිට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් සමඟ මීට වඩා මුදලකින් තෙල් මිල අඩු කිරීමට හැකියාව තිබෙන බව හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මේ අදහස් පැවසීය.

එතුමා වැඩිදුරටත් සඳහන් කරේ රුපියල් 110 , 120 ට තිබූ ඉන්ධන මිල මේ වන විට රු300 දක්වා වැඩි වී තිබෙන බවත් එවැනි පසුබිමක මේ ආකාරයට මිල අඩුකිරිමෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ලෝක වෙලදපොලේ මිල සමඟ සංසන්දනය කරන විට රජයට තවදුරටත් මිල අඩුකිරීමේ හැකියාව තිබෙන බවයි.