වත්මන් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එවැනි තත්ත්වයක වුවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකළ බව කී ඒ මහතා සක්වල සහ හුස්ම වැඩසටහන් ඊට කදිම නිදසුන් බවද කීය.
වැල්ලවාය තණමල්විල බලමණ්ඩල රැස්වීම අමතා විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.මෙම රැස්වීම සංවිධානය කොට තිබුණේ වැල්ලවාය සමගි ජන බලවේගයේ සම සංවිධායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.
අනතුරුව විපක්ෂ නායකතුමා සහභාගි වූයේ මොණරාගල තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළේ දී 18න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.06ක් දක්ෂතාවයක් සමඟ ප්‍රථම ස්ථානය දිනා විශිෂ්ට දක්ෂතා දැක්වූ දෙනෙත් අනුහස් ක්‍රීඩකයාට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ය.
මීට සමගාමිව තණමල්විල ජාතික විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ විපක්ෂ නායකතුමා එහෙම පහලට අවශ්‍ය බස් රථයක් ලඟදීම ලබාදෙන බවටද සහතික විය.
කෝප් කමිටුවේ, කෝපා කමිටුවේ සභාපතීත්වය විපක්ෂයට ලබා දෙන බවට කතානායක කිව්වත් රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂ පවුලට ආරක්ෂාව දෙන නිසා ඒ සභාපතිකම් හීනයක් බව කී විපක්ෂ නායකතුමා , ජාතික සභාවට පවා පත්කර ඇත්තේ රාජපක්ෂලාට හිතැති අය බවත් රනිල් වික්‍රමසිංහ පවා වැඩ කරන්නේ කපුටු මුදල් ඇමතිගේ අණට බවත් ගෝඨාභය රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් අදත් රට පාලනය කරන බවත් පැවසීය.
නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම සිදු කළේ ජනතාවගේ බදු මුදලින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ නිදහසින් පසු බිහි වූ සෑම විපක්ෂයක්ම කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට සැලසුම් සකස් කිරීම මිස ජනතාවට සේවයක් නොකිරීම නිසා උනුත් එකයි මුනුත් එකයි යන සංකල්පයක් බිහි වී ඇති බව කී විපක්ෂ නායකතුමා , එසේ වුවත් සමගි ජන බලවේගය වෙනස් මාර්ගයක ගමන් කරමින් විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසීය.
මේ ආකාරයට උනුත් එකයි මුනුත් එකයි කියන අයම සුනාමි හොරා කියා හංවඩු ගැසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න ගෙයින් ගෙට ගිය බවත් ඒ අය විපක්ෂයේ සිටින අවධියේ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොකළ බවත් ඒ අනුව උනුත් එකයි මුනුත් එකයි කියන උනුත් එකයි වුව සමගි ජන බලවේගය ඉන් වෙනස් බව අවධාරණය කළේය.
2020 නව පක්ෂයක් ලෙස බිහි ව කෝවිඩ් කාලයේ හුස්ම වැඩසටහන හරහා රෝහල් 52කට ලක්ෂ 1500කට වැඩි උපකරණ ලබා දුන් බවත් එම වැඩසටහනේ සාර්ථකත්වය දැක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම වැඩසටහනෙන් උදව් ලබා ගත් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.