හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිරගෙදර සිටියදී ඇයගේ පවුලේ සාමාජිකයින්ට ආණ්ඩු පාර්ශවයෙන් විවිධ යෝජනා ආ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මොනරාගල පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

ඇය සිරගෙදර සිට පැමිණ ජනතාව ආමන්ත්‍රණය කළ පළමු ජන හමුවේදී මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ අතර ඇය කියා සිටියේ ආණ්ඩු පාර්ශවයේ විවිධ පුද්ගලයින් “ලොක්කට කතා කරලා ශේප් කරගන්න” යනුවෙන් තම පවුලේ උදවියට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කරමින් කියා සිටියේ තරදියක දෙපැත්තේ වසර ගණනාවක් ආරක්ෂා කරගෙන ආ දේශපාලන ප්‍රතිපත්තියත් අනෙක් පැත්තේ නිදහසත් තිබෙනවානම් අදත් හෙටත් තෝරාගන්නේ වසර ගණනාවක් පුරා ආරක්ෂා කළ ප්‍රතිපත්තිය බවයි.