බොරු නඩුවක් පටලවා පුද්ගලයකු බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියකට අදාලව එම සාවද්‍ය නඩුව පැවරූ පොලිසියේ පාර්ශවයට විරුද්ධව අධිකරණය රු ලක්ෂ 30ක දඩ මුදලක් නියම කරමින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රකාශයට පත්කළ නඩු තීන්දු අතරින් ශ්රේෂ්ඨාධිකරණය මෙවැනි නඩු තීන්දුවක් ප්‍රක්ෂයට පත්කළ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස සැලකේ.

බොරු පැමිණිල්ල කළ තැනැත්තකුට මේ ආකාරයෙන් වන්දියක් ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් මෙරට පළමු අවස්ථාව මෙය බව සැලකේ.

මෙම සිද්ධියට වගකිවයුතු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජානක මාරසිංහ මහතා රුපියල් 75,000 ක මුදලක්ද, උපපොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ සහ පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන යන මහත්වරුන් රුපියල් 25000 බැගින් වන්දි මුදලක්ද පෙත්සම්කරුට ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ඒ.එච්.එම්.ඞී. නවාස්, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් බුවනෙක අලුවිහාරේ මහතා විසින් ප්රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේද සඳහන් වේ.

රුපියලක්ෂ 30 ක මුදලක් වංචා කරන ලදැයි වගඋත්තරකාර ෂවින් චතුරංග නමැත්තා පෙත්සම්කරුට එරෙහිව රහස් පොලිසියට කරන ලද බොරු පැමිණිල්ලක් අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ ඇත.

වගඋත්තරකරුවන්ට මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මාස 6 ක පමණ කාලයක් තිබී ඇත. නමුත් ඒ පිළිබඳ සොයා බලා නොමැත. ෂවින් චතුරංග නමැත්තා අපරාධ යුක්ති ක්‍රියා පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් කිරීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කිසිදු පියවරක් ගෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු පෙනී යන්නේ මෙම අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කිසිදු හේතුවක් නොදන්වා ඇති බවත්අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනා පිළිබඳ සත් ය අසත්යතාව සොයා බලා නොමැති බව අධිකරණයට පෙනී යයි.