රට ආර්ථික වශයෙන් ඉතාමත් බරපතළ තැනකට වැටි ඇති බවත් fitch rating 2019 අපේ රට බී කාණ්ඩයේ තිබුණේ අද වෙනවිට සීඩීබී කාණ්ඩෙට වැටි ඇති බව ද, එය එසේ වෙන්නේ ඉතියෝපියාව වැනි රටවල් වලට බවත් එහිදී හිතාගන්න පුලුවන් හැකි බව රට ආර්ථික වශයෙන් කොතනද ඉන්නේ කියලා යන බව සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා කියා සිටියේය

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“පසුගිය දෙසැම්බර් මාසයේ අජිත් කිව්වා අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා ලොකු වැඩක් කරා වගේ කිව්වා විදේශ සංචිත තියෙනවා ඩොලර් බිලියන 3 ට වඩා නමුත් 2019 මේ රජය පත්වෙනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 7.6 හතරක් තිබුණා දෙසැම්බර් මාසේ මාධ්‍ය සාකච්ඡා තියලා විට පණිවිඩ කියලා කිව්වා ඩොලර් බිලියන 3 වත් සංචිත ඉහළ ගිහින් කියලා නමුත් අද ජනවාරි මාසය වන විට එය අද ඩොලර් බිලියන දෙකකට අඩු වෙලා ඒ ඇතුළෙ චීනයේ යුවාන් බිලියන දහයක් තියෙනවා එහිදී අප ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 700ක් දැන් ඉතාමත් කුඩා සංචිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ අපි දැක්කා හැත්තෑ ගණන් වල පෝලිම් යුගය වැඩිවෙලා තියෙනවා එයට හේතුව ඩොලර් හිඟය බවද” පැවසීය .

“අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා මෙය විහිළුවට අරගෙන ඩොලර් ගැන බයවෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා මේ රජය සහාය තුමා ජනතාවගේ ප්‍රශ්න දන්නේ නැහැ පහුගිය සතියේ විපක්ෂ නායකතුමා මන්ත්‍රීවරුන් උද්ධමනය පිළිබඳව සහ ඩොලර් ගැටලුව පිළිබඳව ප්‍රශ්න අහනකොට ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා නැහැ රාජ් ඇමතිවරයාත් නෑ කවුරුත් උත්තර දෙන්නෙත් නැහැ එහිදී පාර්ලිමේන්තුවට යන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න නමුත් විපක්ෂයෙන් ප්‍රශ්න ඇහුවම උද්ධමනය පිළිබඳ ඒවට උත්තර සපයන්න මැති ඇමතිවරු නෑ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඔවුන්ට අදාල නෑ වගේ සිටින බව” කියා සිටියේය

මේ අදහස් දැක්වූයේ ඊයේ(13) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .