ශ‍්‍රී ලංකාව සතු විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.36 දක්වා පහත වැටී ඇතැයි, සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචාර්ය හර්ෂද සිල්වා පවසයි.

රට සතු රන් සචිතයෙන් අඩක් පමණ විකුණා ඇති බව පවසන මන්ත‍්‍රී වරයා, ඒ අනුව, රන් සන්චිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 174 සිට ඩොලර් මිලියන 92 දක්වා පහත වැටී ඇති බවද පවසයි.

රට සතු මුළු සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.36 ක් වන අතර, එම සංචිත ප‍්‍රමාණයෙන් චීනයෙන් ලැබුණු යූ ආන් මුදල අඩු කළ විට සැබෑලෙසම පවතින ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 800 දක්වා පහත වැටෙන බවද මන්ත‍්‍රීවරයා පවසයි.

එම මුදල, රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සති තුනක කාලයකට ප‍්‍රමාණවත් ලෙස ආනයනය කළ හැකි මුදලකි.

balavegaya Screenshot 20220208 094643