ත්‍රිකුණාමලයේ වරාය ආශ්රිත ඉන්ධන ගබඩා ටැංකි 75ක් ඇතුළු සම්පූර්ණ පරිශ්‍රයම ඉන්දියාවට පවරාදීමට රජය සූදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා චෝදනා කරයි.
”අද අපි ඉන්නෙ මේ ආණ්ඩුව කොයි මොහොතේ හදිසි නීතියයි ඇඳිරි නීතියයි දෙකම දාලා එක මොහොතක ලංකාවම කාටහරි විකුණයිද කියලා දන්නෙ නෑ. අපි දැක්කා දවල් 12 වෙනකොට උදය ගම්මන්පිල ඇමතිතුමා ප්රමුඛ ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම්තුමාත් ඇතුළු මේ කණ්ඩායම යනවා ත්‍රිකුණාමලයට. මේ යන්නෙ සම්පූර්ණ හොරෙන්. දැන් ත්‍රිකුණාමලයේ ඛනිජතෙල් සංස්ථාවෙ ඒ සියලු දෙනාටම මේ අය නිවාඩු දීලා තියෙනවා.
තෙල් ටැංකි 75කුයි ඒ සම්පූර්ණ හාබර් එකම, එහෙම නැත්නම් පියර් එකම, මේ සියලු දේම දෙන්න හදන්නෙ”’
හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව පැවසුවේ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා ඊයේ (03) දිනයේදී ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.