කෝප් කමිටුවේදී එළියට ආ අදානි සමාගමේ අර්බූදයෙන් පසු මේ වන විට ඉන්දියාව ලංකාවට සිදුකරමින් තිබූ ආධාර උපකාර බොහොමයක් අත්හිටුවීමට පියවර ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

පසුගිය සතියේ ඉන්දියාවේ ඉහළම පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් නම් කියැවුණේ එය අතිසාර්ථක සාකච්ඡාවකැයි කියාය.

එහිදී ඉන්දියාව ලංකාවට ආධාර කිරීමට එකඟ වූ බවද කියැවිණි.

නමුත් තිරයෙන් පිටුපස ආරංචිවලින් නම් කියැවෙන්නේ මෙම සාකච්ඡාවලදී තවත් ආධාර කළ නොහැකි බව ඉන්දීය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම්දී ඇති බවකි.

ආධාර වෙනුවට ඔවුන් ආණ්ඩුවට ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙසත්, එම ව්‍යාපෘති සඳහා මුදල් ලබාදීමට සලකා බැලිය හැකි බවත් දැනුම් දී ඇති බවද ආරංචිය.

ඉන්දියාවෙන් එවැනි යෝජනාවක් ලංකාව වෙත ඉදිරිපත් කර ඇත්තේ පළමු වතාවටය