සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය සහ පක්ෂ දෙකෙහි නායකයන් අතර යෝජිත රූපවාහිනි සංවාදය පිළිබදව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයෙන් පසුගිය 2024.06.04 දින නිකුත් කළ ලිපියේ කරුණු නිවැරදි කිරීමක් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා විසින් ස්වාධීන රුපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇත.

එම ලිපිය පහත ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරමින් යොමුකර තිබේ,

“උක්ත මැයින් 2024.06.04 වන දින ගරු විපක්ෂ නායක තුමා වෙත ඔබ විසින් යොමු කරන ලද ලිපිය හා බැඳේ.

ඔබගේ ලිපියෙහි පළමු වන ජේදයේ සඳහන් කොට ඇති පරිදි 2024.03.21 වන දින පාර්ලිමේන්තුවේදී ම විසින් ආරාධනා කලේ විපක්ෂ නායකතුමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයකට නොව සමගි ජන බලවේග ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේග ආර්ථික කමිටුව අතර පවත්වනු ලබන විවාදයකටයි.

එදින පාර්ලිමේන්තු වාර්තා කිරීමේදී ඔබගේ ආයතනය විසින් පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් වුයේ එම යෝජනාවටය. එනම් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර පවත්වනු ලබන විවාදයකටයි.

නමුත් ජාතික ජන බලවේගය විසින් එම විවාදය පිළිබඳ කිසිඳු ඉදිරිපත් වීමක් සිදු නොකොට පක්ෂ

නායකයින් අතර විවිදයන් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. එම යෝජනාව අපගේ පක්ෂ නායකත්වය විසින් පිළිගත් අතර එම විවාදය පැවැත්ම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ දෙකෙහි ආර්ථිකක මිටු විවාදය පළමුවත් දෙවනුව නායකත්ව විවාදයත් පැවැත්වීමටයි. එමෙන්ම මෙම විවාද සම්බන් ධීකරණයට සහ අවශ්‍ය අනෙකුත් කොන්දේසි හා වැඩසටහන් ආකෘතිය පිළිබඳ මැදිහත් පාර්ශවයක අවශ්‍යතාවයද පෙන්වා දෙමින් අප විසින් එයට දායක වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයද ලිඛිත ආරාධනාවක් යොමු කරන ලදි.

නමුත් ජාතික ජන බලවේගය ඒ පිළිබඳ සාධනීය ප්‍රතිචාරයක් දැක්වුයේ නැත. එනමුත් මෙම විවාද පිළිබඳ දිගින් දිගටම සිදු කල අදහස් හුවමාරු පදනම් කර ගනිමින් ම විසින් ආර්ථික කමිටු විවාදයට සුදුසු දින 05 කුත් ( 2024 මැයි මස 27/28/29/30/31) නායකත්වය විවාදය සදහා සුදුසු දින 05 (2024 ජුනි මස 03/04/05/06/ හෝ 07) යෝජනා කල අතර එහිදී ද අපගේ ස්ථාවරය වූ පළමු ආර්ථික කමිටු විවාදය සහ දෙවන නායකත්ව විවාදය යන්න අනිවාර්ය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කොට ඇත.

එම අදහස නොසලකා හරිමින් නායකත්ව විවාදයට එකඟ වූ බව ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශයට පත්කොට ඇත. එමෙන්ම මෙම විවාද පැවැත්වීම පිළිබද අප දෙපාර්ශවය අතර පූර්ව සාකච්ඡා පවත්වා ඒ පිළිබඳ වැඩ සටහන් සැකැස්ම ආදිය සිදු කිරීමට අප විසින් යෝජනා කොට ඇත. නමුත් ඒ කිසිඳ යෝජනාවකට යහපත් ප්‍රතිචාර නොදක්වා ජාතික ජන බලවේගය එකඟ වු දිනය පදනම් කර ගෙන මෙම සංවාදය පැවැත්වීමට ඔබගේ නාලිකාව සුදානම් යැයි පැවසීම විධිමත් සැලසුම් සහගත ක්‍රම වේදයක් අනුගමනය නොකොට සිදු කල ප්‍රකාශ්‍යක් බව සඳහන් කරනු කැමැත්තෙමි. මෙම විවාද පැවැත්වීමේදී අපගේ යෝජනාව වනුයේ සියලුම විද්‍යුත් නාලිකා, මුද්‍රිත මාධ්‍ය සමඟ සියල්ලන් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බව ද අවධාරණය කරමි.

මෙම විවාදය පිළිබඳ පසුගිය කාලය තුල අප විසින් යොමු කල අදහස් හා යෝජනා පිළිබඳ ඔබගේ අවධානය යොමු කොට ක්‍රියා කිරීම වැදගත් වේ. එම කාල සීමාව තුල විවාදය පිළිබඳ ජාතික ජන බලවේගයට යොමු කල යෝජනා ඇතුළත් ලිපි ලේඛණවල පිටපත් මේ සමග ඔබ වෙත යොමු කරනුයේ විවාදය පිළිබඳ යථා ස්වරූපය අවබෝධ කර ගැනීම පිණිසය”