පසුගිය දින කිහිපය තුළ උතුරු, නැගෙනහිර පළාත්වල සංචාරයේ නිරත අවස්ථාවේ උතුරේත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළ බවත් උද්ඝෝෂණයේ නිරත මේ අය සමඟ සාකච්ඡා කරන විට මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබා දෙන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔවුන් විමසා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ උපාධිධාරීන්ගේ සුදුසුකම්වලට අනුව රජයේ අත්‍යාවශ්‍යම පුරප්පාඩුවලට ඔවුන් බඳවා ගැනීම් සිදු නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් උතුරු පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සිදු කළ ඉල්ලීම් මේ අවස්ථාවේ සභාගත කරන බවත් ඒවා බලා රජයේ ප්‍රතිපත්තිය පවසන ලෙසත් මේ වන විට 50000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන් සිටින නිසා ඔවුන්ට සහන සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.