රට විනාශ කළ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමට ගෙදර යන්නට සිදුවුණේ මේ රටේ ජනතාව සිදුකළ දැවැන්ත ජනතා අරගලය නිසා බවත්, එහෙත් අදටත් රටේ කිසිදු වෙනසක් සිදුව නැත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවක් රටේ බිහිව ඇති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට කිසිදිනක තමන් කටයුතු කොට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ව බලයට ගෙන ඒමට කැන්වසින් ගිය සමහරු අද, උනුත් එකයි මුනුත් එකයි කියමින් තමන් සුදනන් වීමට කටයුතු කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද පස්වරුවේ හාරිස්පත්තුව ආසනයේ අකුරණ පැවති ජන රැලියක් අමතමිනි.