රටේ ජනතාව ගැටලු රාශියක් මැද ජීවත් වන බවත් එයට හේතුව දේශප්‍රේමීත්වයේ නාමයෙන් බලයට පත් වූ රාජපක්ෂ පවුල ජනතාව ගොදුරක් කර ගෙන අත්තනෝමතිකව හැසිරීම නිසා බවත් ඔවුන් ත්‍රස්තවාදය නිම කළාට තවත් ආර්ථික ත්‍රස්තවාදයක් රාජපක්ෂවරු ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගජමිතුරන් සුරකින ගජමිතුරන්⁣⁣ට සහන ලබා දෙන රාජපක්ෂ ආර්ථික ත්‍රස්තවාදය රටින් මුදවා මේ අර්බුදයෙන් ජනතාව බේරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හේවාහැට පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.

විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබෙ අපි හොරු ඇල්ලුවේ බලය නැතිව.

රටට ඇති විකල්පය තමන් යැයි කියා ගන්නා ඇතැම් විකල්ප කණ්ඩායම් ෆයිල් මිටි පෙන්වා හොරු අල්ලනවා කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අධිකරණ පද්ධතිය හරහා ⁣රට බංකොලොත් කළ හොරු කවුද කියා අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපති.

මේ රට බංකොලොත් කළ පුද්ගලයන්ට විරුද්ධව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්තව පරීක්ෂණ කර ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ මන්ද කියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු එය විහිලුයට ගත් බවත් එයට හේතුව ඔහු පත් කර ඇත්තේ රාජපක්ෂ පොහොට්⁣ටු මාෆියාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ 134ක් අත උස්සා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කර ඇති නිසා ඔහු රට බංකොලොත් කළ රාජපක්ෂවරු ආරක්ෂා කරමින් සිටින බවත් මේ ගැන විමසන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී බාධා රැසක් සිදු කළ බවත් මේ ප්‍රශ්නවලට තවමත් උත්තර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අද සිටින්නේ රුකඩ ජනපති කෙනෙක් බවත් එම රුකඩයේ නුල් ටික ඇත්තේ රාජපක්ෂවරු අත බවත් මේ හොරුන් සමග ජනපතිට ඩීල් තිබ්බට තමාට එවැනි ඩීල් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙ ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමයි.

රට බංකොලොත් කළ හොරු මෙන්ම හොරු රකින ජනපති පවා නැවත ඡන්දෙ ඉල්ලන බවත් ඔවුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් වැඩ කරන ආදර්ශය රටේ පාලකයා ලෙස තමා ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.