රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට යන එන මං නැති කර ඇති බවත් උත්සව සමයේ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළට යමින් තිබෙන බවත් ආණ්ඩුව මිල පාලනය කිරීමට කටයුතු නොකරමින් සිටින බව සමගි අධ්‍යාපන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
“ආණ්ඩුව මේ උත්සව සමයේ ජනතාවට දරා ගන්න බැරි විදියට බඩු මිල ඉහළ යවලා. එය රොකට් එකක වේගයෙන්. අද හවස තියෙන බඩුවල මිල ගනන් නෙමෙයි හෙට උදේ තියෙන්නේ. ආණ්ඩුව මේ මොහොත වෙනකොට සම්පූර්ණම කඩා වැටිලා. බරපතළ ආහාර හිඟයක් උත්සව සමයේ තිබෙන මොහොතක මුදල් ඇමතිවරයා තමන්ගේ මව්රට ගිහින් සැප ගන්නා බව පැවසීය .
මේ තකතීරු ආණ්ඩුවේ මිල පාලනයක් නැති නිසා මිනිස්සුන් අසරණ තත්ත්වයට පත්වෙලා. ඉතිහාසයේ සිට බලන විට අසාර්ථකම ආණ්ඩුව විදියට මේ ආණ්ඩුව කියන්න පුළුවන් .අද මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. හතර වටින්ම ජනතාවගේ බඩට ගහලා ඉවරයි.
අද වෙළෙඳ පොලේ සිමෙන්ති කොට්ටයක මිල කීයද? ඒ වගේම විදුලි උපකරණ ඇතුළු වයරින් භාණ්ඩ සීඝ්‍රයෙන් මිල ගිහිල්ලා ඒ තමයි සෞභාග්‍යය දැක්ම.
අද වනවිට රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කරේ නැහැ. මොල 7 මහත්තයා ආවම අයවැයෙන් රාජ්‍ය සේවකයාට පඩි වැඩි වෙයි කියලා බලාගෙන හිටියා. කොවිඩ් වසංතයේ දී හුස්ම ගන්න බැරි වෙලාවක පෞද්ගලික අංශයේ සේවකයන්ට යම් සහනයක් මේ අයවැයෙන් දෙයි කියලා බලාපොරොත්තු වුණා .මොල 7 මුදල් ඇමැති කිසිදු සේවකයෙකුගේ පඩිවැඩි කෙරේ නැහැ. ඒ වගේම වතුකරයේ ජනතාවට පාන් කෑල්ලක් දීලා දරුවා පාසලට යවන්න බැරි තත්ත්වයට පත්වෙලා. රුපියල් 50හේ පාන් ගෙඩිය අද 90 ක් දක්වා වැඩි වෙලා.මේකයි සෞභාග්‍යය දැක්මේ තරම .
මෙ ආණ්ඩුවට බඩු මිල පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. කර්මාන්තකරුවා න්ගේ අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්නඩොලර් ටික දෙන්න බැරි ආණ්ඩුවක්. මහකන්නය එලවලු වගාවට පහසුකම් ටික දෙන්න බැරි ආණ්ඩුවක් .පොහොර ප්‍රශ්නයක් නිර්මාණය කරලා අද ආහාර හිඟයකට මේ ආණ්ඩුව රට තල්ලු කරමින් යනවා. අද ඒ කේවට්ටයෝ කවුරුත් නැහැ එදා රසායනික පොහොර කාබනික පොහොර වලට පරිවර්තනය කරනවා කියලා කඩිමුඩියේ මේ දාපු සෙල්ලම නිසා තමයි අද ගොවියා ගොවිතැනෙන් ඈත්වෙලා තියෙන්නෙ. ආණ්ඩුව ගොවියාත්, ගොවිතැනත් මරලා දාලා ඉවරයි . ආහාර හිගයකට මේ ආණ්ඩුව පාර කපල ඉවරයි. රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාවට යන එන මං නැති කරලා ඉවරයි බව පත්බේරිය මහතා පැවසීය.”