මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට රටක් පාලනය කළ නොහැකි බවයි වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ.