රාජපක්ෂලාට ආරක්ෂාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණොත් පමණයක් බව කොන්දේසි නැතුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසර ගන්නේ නැතුව පත් කරගත්තේ ඒ නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නීති විරෝධී ,සධාචාර විරෝධී ලෙස ඔහුගේ අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත් හේතුව රටම දැනගන්න ඕන සමගි ජන බලවේගය අදහස වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත්තේ ඔහුගේ ආරක්ෂකයා නිසා .අගමැති ධූරය ගැනීමට කිසිම කොන්දේසියක් නැහැ ත්‍රිකුණාමලය හමුදා කදවුරක හැංගිලා ඉන්න රාජපක්ෂලාට ආරක්ෂාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනෝත් පමණයි.කොන්දේසි නැතුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසර ගන්නේ නැතුව පත් කරගත්තේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා දින තුනක් පමණ වෙනවා තවම කැබිනට් මණ්ඩලය පත් කරගන්න බැරිවෙලා තියෙනවා මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ ස්වර් පාක්ෂික ආණ්ඩුවකට වැඩිය සම්මුතිවාදී ආණ්ඩුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් මේ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට මේ ආණ්ඩුවේ ඇමතිකම් දැරිය යුතුයි දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇමතිකම් දැරිය යුතුයි සියලුම පක්ෂ එකතු වන හඳුනා ආණ්ඩුවක් නමුත් මේ ආණ්ඩුව මේ රජය එහෙම වෙලා නැහැ අපි දැක්කා ඊයේ නියෝජ්‍ය කතානායක තෝරන වෙලාවේ සිදුවුණු දේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මීට ප්‍රථම කියලා තිබුණා නියෝජ්‍ය කතානායක සඳහා කාන්තාවක් සුදුසුයි කියලා අපේ රටේ සමස්ථ ජනතාවගෙන් සියයට 52ක් කාන්තාවන් ඉන් සියයට පනස් හයක් ඡන්දදායකයන් ඉන්නේ කාන්තාවක් කාන්තා නියෝජනයක් සදහා වැඩිපුර අවස්ථාව ලබා දෙන්න ඕන කිව්වේ රනිල් වික්‍රමසිංහ එහෙම කියලා ඔහු පොදුජන පෙරමුණේ මන්ත්‍රයේ කණ්ඩායමේ හිරකාරයෙක් බවට පත් වුණා. අපි පාර්ලිමේන්තුවේ අපි කාන්තා වක් යෝජනා කරාට පස්සේ එහිදී අපි පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉවත් කරගන්න ඒ යෝජනාව කියලා රනිල් වික්‍රමසිංහ ගොළුවෙක් වගේ හිටියා ඔහුට හැකියාවක් නැහැ පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න මොකද ඔහු කිසිම කොන්දේසියක් නැතුව මේක බාර අරගෙන තියෙනවා ඒ නිසා ඒක කරන්න විදියක් නැති තත්ත්වයක් තියෙනවා .ඔහු රටට පෙන්නුවා පොදුජන පෙරමුණේ හිරකාරයෙක් බව . ඔහු කළේ පක්ෂයට ලැබුණු ඡන්ද පාවාදීමක් නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දයේ සරල බහුතරය තියෙන 113 ලැබුනේ නැහැ 109යි ලැබුණේ ඒ කෙනුත් පෙන්නුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොදුජන පෙරමුණේ බහුතරයක් නෑ අපහසුයි මේක කරන්නේ කියලා ඉන්පසුව චන්දයක් තිබ්බා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම ඒ යෝජනාවේදී ඔහු කිව්වා අනිවාර්යෙන්ම විරෝධය පළ කළ යුතුයි මම ඡන්දය දෙනවා කියලා. හැබැයි අගමැති වුණාට පස්සේ ඒ අය සම්පූර්ණ උල්ලංඝනය කරලා ලැජ්ජ නැතුව ඊයේ ආණ්ඩුවත් එක්ක ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා.”

යනුවෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසීය .