චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ සිට පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරම් ශ්‍රේෂ්ඨාධිකරණය දෝෂාරෝපණයකට ලක්කළ කිසිඳු රාජ්‍ය නායකයෙක් මේ දක්වා නොසිටි බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) රාත්‍රියේ විකාශය වූ රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින්,

මෙම ක්‍රියාවලිය හරහා හිතාමතාම විනිශ්‍යකාරවරුන් බිය ගැන්වීමේ සැලසුම්සහගත ප්‍රයත්නයක ජනාධිපතිවරයා නිරත වන බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

මේ රටේ උසාවි හෑල්ලුවට ලක් කරමින් තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අධිකරණයට පැවරී තිබෙන බලතල නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කිසිසේත් නුපුළුවන් වන තත්වයක් චේතනාන්විතව ඇතිකිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සහ කරන බව මහාචාර්යවරයා මෙම වැඩසටහනේදී අවධාරණය කරමින් කියා සිටියේය.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු කාරකසභාවක් ස්ථාපිත කිරීමට කටයුතු සිදුකරමින් තිබෙන බවත් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන ත්‍රිත්වය සංවරණ තුලන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන රටක අධිකරණ තීන්දු නොසලකා හැරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ස්වාධිපත්‍යට බරපතල ප්‍රහාරයක් එල්ල වන බවයි.

එම වැඩසටහන පහත සබැඳියෙන් නරඹන්න,