රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයටඉදිරිපත් වුවහොත් අන්ත පරාජයකට මුහුණදීමට සිදුවන බවත් එම පරාජය පිළිබඳව ඔවුන් දැනටමත්  දැනුවත්ව සිටින බවත් මුජිබර් රහ්මාන් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය මේ වනවිට ඉතාමත් ප්‍රථමික තත්වයකට පත්ව තිබෙන අතර දේශපාලනික වශයෙන් ඔවුන්ට කිසිඳු ජනප්‍රියතත්වයක් ලබාගැනීමට නොහැකි වී තිබෙන නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම උප්පරවැට්ටි වලින් මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නිරත වන බවයි රහ්මාන් මහතා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා මේ බව කියා සිටියා.

පක්ෂය පවත්වාගෙන යාමට හෝ කණ්ඩායමක් නොමැති එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජය අනිවාර්යෙන්ම සිදුවන බව දන්නා නිසා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු ඉල්ලන ඕනම වරප්‍රසාදයක් දෙන්න සුදානමින් සිටින නමුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට කිසිඳු කැමැත්තක් නොමැති බවයි මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ.