ගොවියා ගැන කයිවාරු ගහන පක්ෂ කොපමණ තිබුණත් ගොවියා වෙනුවෙන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති එකම පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

වැඩපිළිවෙළක් නොමැති ප්‍රතිපත්තියක් නොමැති අනුර කුමාරලා ලන්ඩන් ගිහින් රනිල්ගේ ඩීල් එළියට දමමින් සිටින බවත් ආණ්ඩුවේ ඉන්න හරිනුයි විපක්ෂයේ ඉන්න අනුරයි රනිල්ගේ ගෝලයෝ බවත් ඔවුන් එකට කකා එකට හිඳ ඩීල් දමන බවත් ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා අනුරාධපුර පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගොවියා බංකොලොත් කළ ගෝඨාභයගෙන් පසු ගෝඨාභයගේ ගෝලයේ රනිල්ව ගෙනවිත් තවතවත් ගොවියාව වළපල්ලට දමමින් සිටිනා නිසා මේ පාලනය ඉවත් කර ජනතාවාදී පාලනයක් ඇති කළ යුතු බවත් ඒ මහතා මෙහි දී පැවසීය.