පුරවැසි අරගලකරුවන් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ විපක්ෂනායක කාර්යාලයේ පැවති හමුවට භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩම කර සිටියා.

රතුදු සේනාරත්නට(රැට්ටා) දකුණු පසින් සිටින්නේ ස්වාමීන් වහන්සේ නමක්. අදාල රැස්වීම අවසන් වුණාට පස්සේ විපක්ෂ නායකතුමා උන්වහන්සේට වැද නමස්කාර කර ආශිර්වද ලබාගත්තා.

නමුත් මේ වන විට සමාජ මාධ්‍ය තුල එම සිදුවීම ඉතාම අශිෂ්ට විදිහට අදාළ සිදුවීම සංස්කරණය කරලා සමාජ ජාල තුල ප්‍රචාරය කරමින් ඉන්නවා.

විපක්ෂ නායක තුමාට එරෙහිව හැමදාම එල්ල කලේ මෙන්න මේ විදිහේ අමූලික බොරු මඩ ප්‍රහාර.

මේ සිදුවීමත් එවැනිම පන්නයේ මඩ ගැසීමක්. මෙම ක්‍රියාව බොරුවක් ජනගත කරන්න ගත්ත අසාර්ථක නිහීන බියගුළු උත්සාහයක්.

එම වීඩියෝ පටය නොමඟ යවන සුළු කෝණයකින්, ව්‍යාජ ලෙස ප්‍රතිනිර්මාණය කල දර්ශන පෙළක් බව fact crescendo sri lanka ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.