රට බේරා ගැනීමේ ගමන මාර්තු 15 වැනිදා හවස දෙකට කොළඹින් ආරම්භ කරන බවත් එ සදහා සියලුම ජනතාව සහභාගි වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය .
වැඩි දුරටත් පවසා සිටියේ ,
“රටේ අද තිබෙන තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනය වගකියන්න ඕන. විපක්ෂයේ අපි දිගින් දිගටම මේ ගැන කිව්වා මහජනතාව එළියට බැහැලා උද්ඝෝෂණය කළා නමුත් එය බීරි අලින්ට වීණා වයනවා වගේ ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ මිනිස්සුත් අද එළියට බැහැලා ආණ්ඩුවේ වැරදි කියන්න පටන් අරගෙන. ජනතාව රටේ බලශක්ති අර්බුදයට මුහුණ පා සිටිනවා තෙල් ටික නැවතිල අනිත් පැත්තෙන් ගොවියාට අස්වැන්න නෙළාගන්න විදිහක් නැහැ.රටට අවශ්‍ය විදුලිය ලබා දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත්වෙලා. මම දන්න විදිහට 2001 වර්ෂයේ වෙන විට මේ රටේ පැය 12ක් විදුලිය නැතුව හිටියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිත් කරු ජයසූරිය මහතා විදුලිබල ඇමති වෙලා දවස් 159 කින් එය විසඳුවා දැන් මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් වෙනවා පැය හත හමාරක් විදුලිය නෑ ආණ්ඩුවට මේකට උත්තරයක් නැහැ තෙල් ටික ගන්න ඩොලර් නැහැ බඩුමිල තුන් ගුණයක් වැඩි වෙලා ජාත්‍යන්තරයත් අනිත් ආයතනත් කියනවා අර්බුදය එන්න එන්න වැඩි වෙලා කියලා. ආණ්ඩුවත් දෙදරලා ගිහිල්ලා එක පැත්තකින් කණ්ඩායමක් එලියට එන්න හදනවා ඇමතිවරු කිහිපදෙනෙක් අස් කරා. ලබන මාසේ වනවිට තවත් කණ්ඩායමක් එළියට යනවා. කියලා ආරංචි වෙනවා. එහෙනම් අපි මේ රට බේරගන්න නම් තියෙන එකම දර්ශනය වැඩපිළිවෙළ තියෙන්නේ සමගි ජන බලවේගය බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .
තව දුරටත් පැවසූ සමගි ජන බලවේගයේ මහලේකම් ,
“මම ඉල්ලා සිටිනවා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මේ ගමන යන්න සියලු දෙනා එකතු වෙන්න කියලා. අපි මේ රට බේරා ගැනීමේ ගමන ආරම්භය ඒ වගේම නොනවතින රැල්ල මාර්තු 15 වැනිදා හවස දෙකට කොළඹින් ආරම්භ කරන අපි මේ රටේ සියලු දෙනාටම ආරාධනා කරනවා රටට ආදරය කරන රට බේරගන්න හොරු රැල්ල ගෙදර යවන්න අවශ්‍ය ආරම්භය අපි මාර්තු මාසේ ආරම්භ කරනවා සමගි ජන බලවේගය දිනවා රට බේරා ගැනීමේ මෙහෙයුම තමුන්නාන්සේලා සියලු දෙනාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා” යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය .
මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යලයේ දීය .