රටේ ඉන්ධන ,විදුලිය ,බෙහෙත් , කිරිපිටි නොමැති නම් රට බංකොලොත් නෙමෙයි ද යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අසා සිටියේය .
තම වාහනයට ඩීසල් ලබා ගැනිමට ඊයේ පැය එක හමාරක් පෝලිම් සිටීමට සිදු වු බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මහ බැංකුවේ විදේශ වත්කම් ඍණ විමෙන් මහ බැංකුව බංකොලොත් වී ඇති බවත් රට බංකොලොත් කියා පැවසිමට තමන් කැමති නැති බව ද, මන්ත්‍රීවරයා පැවසීය .
ඔහු තව දුරටත් කියා සිටියේ රට මුහුණ පා සිටින අර්ථික අර්බුදය විසදා ගැනිමට විපක්ෂයේ ලබා දෙන අදහස් පිළිගන්නා ලෙස ද, ආණ්ඩුවේන් ඉල්ලා සිටියේය .
විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගත කර යුතු බව විපක්ෂය පැවසූවත් එයට ආණ්ඩුව සවන් දුන් නැති බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය .
සටහන – CJ