රට බංකොලොත් කරපු ආණ්ඩුවක් අයවැය ඉදිරිපත් කරනවා… ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය දැඩිව විවේචනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

ඒ මහතා කියා සිටියේ අද රටේ ඇති කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසදුම් ඉදිරිපත් කොට නොමැති බවකි.

“රට බංකොලොත් කරපු ආණ්ඩුවක් අයවැය ඉදිරිපත් කරනවා… රට බංකොලොත් කරානම් කරන්න තියෙන්නේ ආණ්ඩුව දාල යන එක”