ජනාධිපතිවරයා ස්වාධීන අපෙක්ෂකයෙක් විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙන බවත් නමුත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී නැති බවත් ස්වාධීන අපකේෂකයෙක් කියන ජනාධිපතිවරයා එකතු වී සිටින්නේ පොදුජන පෙරමුණ සමඟ බවත් පොදුජන පෙරමුණේ එක් කණ්ඩායමක් ඔවුන්ගේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගෙන සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

පසුගියදා පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

රට බංකොලොත් කළ කණ්ඩායම සමඟ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි බව ඔහු දන්නා බවත් එම නිසා ඔහු සමගි ජනබලවේගයේ කණ්ඩායමට ආරාධනා කරන බවත්, නමුත් සමගි ජනබලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා සමඟ එකතුවෙන්නේ නැති බවත් රහුමාන් මහතා කීය.

ජනාධිපතිවරයා බලයේ රැඳි සිටීම සඳහා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න උත්සහ කරන බවත් ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කණ්ඩායමේ පැවැත්ම වෙනුවෙන් රට අරාජිකත්වයට පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු සිදුකරන බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමටත් දැඩි උත්සහයක් ගන්නා බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.