ජනමතයකින් තොර අත්තනෝමතික පාලන තන්ත්‍රය එලවාදැමීමේ පළමු වෙඩි මුරය අද (30) සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි.

ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඒ අනුව මේ වන විට අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව සඳහා රටේ සතර දෙසින් විශාල ජනතාවක් පැමිණෙන බවටයි වාර්තා වී තිබෙන්නේ.

යටිනුවර

 

තිස්සමහාරාමය

මහනුවර කුණ්ඩසාලේ

මහනුවර ගම්පොල