පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වන මේ මොහොතේ පවා මැතිවරණ තේරීම්භාර නිලධාරින් මාරු කර යවා ඇති බව අද (17) මාධ්‍ය හමුවක් පවත්වමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (PAFFREL) සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරමින් කියා සිටින්නේ දේශපාලඥයින් කුමන උප්පරවැට්ටි යෙදුවත් රට අර්බුදකාරී තත්වයක පවතින මොහොතක සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පුර්ණ සහයෝගය ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවයි.

පළාත්පාලන මැතිවරණය නොපවත්වුවද එය ප්‍රකාශයට පත්කර තිබෙන නිසා මේ වන විටත් මැතිවරණ නිතිය රට තුල ක්‍රියාත්මක වන බවත්, නුදුරු දිනයකදී ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන බවත් ප්‍රකාශ කරමින් හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ යම් නිලධාරියෙක් මැතිවරණ කොමිසමේ උපමාන, චක්‍රලේඛ නොසලකා ක්‍රියා කළහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට තිබෙන බවයි.