රට ඉතාමත් බැරෑරුම් තත්වයකට පත් වෙලා තියෙන බවත් එයට විසදුමක් ලෙස අතුරු අයවැයක් ගෙනල්ලා තිබෙන බවත් අද (01) විපෂ නායක කාර්යාලයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පැවසීය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න.
රට ඉතාමත් බැරෑරුම් තත්වයකට පත් වෙලා තියෙන වෙලාවක ඒකට විසඳුම් හැටියට අතුරු අයවැයක් ගෙනල්ලා තිබෙන අවස්ථාවක්. ඒ ගැන ජනාධිපතිතුමාගේ වචනයෙන් කියනවා නම් අද අපි බංකොලොත් වෙච්ච හිස් භාණ්ඩාගාරයක් සහිත ණය ගෙවාගන්න බැරිව හිස් වෙච්ච රටක් තිබෙන්නේ.අපේ රටට මේ වෙනකොට විදේශ ණය දෙන්නෙ නෑ පහුගිය අවස්ථාවන්වල උදව් කරපු රටවල් හිත් අමනාප කරගෙන ඒ වගේම මේ රටේ විශාල බුද්ධි ගලනයක් සිදු වෙමින් තිබෙන බවත් පේනවා .තරුණ සහ වැඩිහිටි ප්‍රජාව උගත් අය පාස්පෝට් ගන්න ඉන්න පෝලිම දිහා බැලුවම අපේ රටේ අනාගතය පිළිබඳව ලොකු බියක් මේ තියෙන තත්ත්වය තුළ ඇතිවෙනවා ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා ඉන්ධන ප්රශ්නය විසඳුවා කියලා හැබැයි අද එනකොටත් පාර දිගේ ඉන්ධන පෝලිම් තියෙනවා. ඒවට ස්ථිරසාර විසඳුම් තවමත් ලැබී නැහැ. මිනිස්සුන්ගේ බඩගින්නට උත්තර ලැබිල නැහැ. එහිදී මේ අතුරු අයවැය දිහා හැරී බලන විට අයවැයක් ඇතුලේ දකින්න ඕන දිගුකාලීන, කෙටි කාලීන මස මධ්‍ය කාලීන සැලසුම් කිසි දෙයක් නැහැ. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳ වත් මේ අයවැයක් හදන විට කියවෙන්න ඕනේ අපිට පේනවා මේ අයවැය ඇතුලේ එවැනි කිසිම දෙයක් නැහැ .
අද මේ වෙනකොට යුනිසෙෆ් ආයතනය විසින් ඉදිරිපත් කර වාර්තාවේ දකුණු ආසියාව ගැන වගේම ලංකාව ගැනත් සදහන් වෙනවා ඒ ටික බැලුවම හරිම ශෝචනීයයි මොකද අපේ රටේ ජනතාවගේ පෝෂණය ගැන, සෞඛ්‍ය ගැන සනීපාරක්ෂාව, ළමා ආරක්ෂණය, අධ්‍යාපනය ගැන කතා කරනවා එහිදී අපේ රට ගැන හොඳ තත්ත්වයක් මේ වාර්තාවෙන් කියවෙන්නේ නැහැ හැබැයි මේ වාර්තාව ගැන යුනිසෙෆ් සංවිධානය කියන්න ඕන නැහැ හේතුව අපි දන්නවා මන්දපෝෂණය අතින් ආසියාවේ දෙවැනි තැන ලෝකයේ 6 වෙනි තැන අපි ඉන්නේ කියලා එහිදී මන්දපෝෂණය තියෙන පරම්පරාවක ගේ ඉදිරි අනාගතයේදී මේ රටට මොකක්ද වෙන්නේ. බුද්ධිගලනය මන්දපෝෂණය සියල්ලගෙන් ඉතුරු වෙච්ච රටක් අපිට ඉතුරු වෙන්නේ .එහෙම නැත්නම් රාජපක්ෂලා විසින් කාල විසික් කරපු රොඩ්ඩක් තමයි ඉතුරු වෙන්නේ එයට හොඳම සාක්ෂිය තමයි මන්දපෝෂණය සහ ආර්ථිකය බිඳ වැටීම බුද්ධි ගලනය.
පාසල් ටික අරන් බැලුවම පසුගිය කෝවිඩ් කාලේ ඉඳන් ආර්ථික අර්බුදයත් ඉන්ධන අර්බුදයත් සමග පාසල් වහල දාන්න වුණා අපි දන්නවා පාසල් ඇරලා තිබුනාට වඩා කාලයක් වහල තිබුණේ එහෙම තිබියදී උගන්නපු ටිකෙන් හරි ගුරුවරුන්ට කියනවා කොහොමහරි සිලබස් කවර් කරන්න කියලා.අපි දන්නවා අවුරුද්දකින් කරන්න ඕන එක මාසෙකින් කවර් කරන්න කිව්වොත් ළමයින්ට දරාගන්න බැහැ මොන විදියෙන් හරි කරලා විභාගය පවත්වා ගන්න විතරක් කටයුතු කරපු අධ්‍යාපන ක්‍රමයක් තමයි පසුගිය කාලය පුරාවට දැක්කේ. ළමයින්ට ඕන කරන කුසලතාවයන් ආකල්ප ආවා ද කියන එක ගැටලුවක්.වෙලාවට විභාග ටික තියාගන්න බැරි වුණා ප්‍රශ්න පත්‍ර ටිකට කඩදාසි ටික නැති වුණා එහෙම තත්ත්වයක් අපේ රටේ ඇති වුණා.
ඒ වගේම මන්ද පෝෂණයට අමතරව ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල නැතිවුණා දරුවන්ට ප්‍රාථමික අංශයට දුන්න දිවා ආහාරය නැතිවුණා එවැනි තත්ත්වයක් අපේ ආර්ථිකය බිඳ වැටීමත් රාජපක්ෂවරුන්ට පින්සිද්ද වෙන්න රටට ලැබෙන දායාද විදිහට මම දකිනවා. මේ අයවැය තුළ සමාජ ආරක්ෂණයට පවුල් 61000ක් තෝරගත්ත කිව්වා ඒ ගැන බැලුවම සියල්ලටම හිතෙනවා ඇති ලොකු ඉලක්කමක් කියලා අපේ රටේ වසම් 14022 තියෙනවා එය බෙදලා බැලුවොත් වසමකට හතරක් තමයි ආරක්ෂා කරන්න හදන්නේ මේකද අතුරු අයවැයෙන් මිනිස්සුන්ට ගෙනත් දෙන සහන. යෝජනා ගණනාවක් තියෙනවා හැබැයි මේකෙ ආදායම් උත්පාදනය වෙන ක්‍රමවේදයක් ගැන කිසිම කතන්දරයක් කියවෙන්නේ නැහැ. අපි දකිනවා මේකෙ ආදායම සැප්තැම්බර් ඉදන් දෙසැම්බර් දක්වා රජයේ ආදායම බිලියන 2094ක් කියනවා වියදම 4,227 කියනවා රුපියල් බිලියන එහි පරතරයම බිලියන 2233 තියෙනවා මේකෙ පියවගන්න මොකක්ද ආදායම් මාර්ගය හැටියට මෙහි දක්වා තිබෙන්නේ එකම එක දෙයයි වැට් බද්ද ගැන කතා කර තියෙනවා ඒවා වක්‍ර බද්දක් ඒකේ බරත් නැවතත් වැටෙන්නේ අහිංසක ජනතාවට භාණ්ඩ හා සේවා වල බදු වැඩි කිරීම මේ තුලින් භාණ්ඩ මිල ඉහළ යනවා මේක තුළ නැවතත් පීඩාවට ලක් වෙන්නේ රජයේ සේවකයා මධ්‍යම පන්තිය පහළම අඩු ආදායම්ලාභී පිරිස රුපියල් 5000ක් දීලා ඒක කරගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙන් දෙන 5000ක් වැට් ගහල අනිත් පැත්තෙන් ගන්නවා ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමා ගෙනාපු එකම විසඳුම .
ඊයේ වෙන විට මේ රටේ උද්ධමනය 93%ක් වෙලා ජනාධිපතිතුමාගේ අයවැය හෙට සම්මත කරගන්න කොට එය 100%ක් වෙලා තියේවි කියලා විස්වාස කරනවා .එවැනි තත්ත්වයක් මේ වෙන විට රටේ ඇතිවෙලා තිබෙන නිසා අපිට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට මේවට විසදුම් අවශ්‍යයි දරුවන්ගේ අධ්‍යාපනය යුනිසෙෆ් වාර්තාව කියන විදිහට අපේ රට හොඳ තැනක නැහැ පෝෂණය අතින්, දරුවන්ගේ ආරක්ෂාව,අධ්‍යාපනය කඩා වැටිලා නම් මම හිතන්නේ නැහැ ඊට එහා ගිහිල්ලා මේ රටට හොදක් වෙන්න කොතැනක වත් ඉතුරු වෙලා තියෙනවා කියලා. සෞඛ්‍ය සම්පූර්ණම කඩා වැටිලා රෝහල් වල clinic වලට යන වැඩිහිටියන්ට අවශ්‍ය බෙහෙත් ටික නැහැ .
අයවැයේ නැවත කතා කරා විශ්‍රාම වයස හැටක් වෙනකොට යන්න වෙනවා කියලා යන එක ප්‍රශ්නයක් නැහැ මොකද හැටක් වෙනකොට යන්න ලෑස්ති වෙලා ඉඳපු අය තමයි ආණ්ඩුව 65ක් කරේ දැන් ඒගොල්ලො කොහොමත් හැටකට යන්න ඉන්න අය .අපිට තියෙන ප්රශ්නය මේගොල්ලන්ට රැකියාවෙන් ඉවත් වෙනකොට ලැබෙන ආර්ථසාධක මුදල් දෙන්න පුලුවන්ද මේ වෙනකොට විශ්‍රාම ගියපු අයට වත් ඒගොල්ලන්ගෙ විශ්‍රාම වැටුපවත් ලැබෙන්න තියෙන කිසිම සහනයක් ප්රතිපාදනයක් ලැබිලා නැහැ .එහිදී මේ අයවැය ඇතුලේ මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට අවුරුදු 62ක් වෙච්ච අයත් යන්න ඕන ඒ අයට දෙන්න මුදල් වෙන් කරලා තියෙන්නේ කොතැනද කියන එක ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවේ අහනවා මේකෙ හුදෙක්ම සුරංගනා කතාවක් විදියට තමයි මට පේන්නෙ අපි දකිනවා හුණුවටයේ කතාව කියාගෙන ආපු ජනාධිපතිතුමා හුණුවටයේ කතාවේ තියෙන්නේ බොහොම සියලු රසයන් කැටි කරලා හදපු ලස්සන කතන්දරයක් මිනිස්සුන්ව කම්පා කරන්න සහකම්පනය ඇති කරන්න හදපු කතන්දරයක් ඒ වගේම තමයි තවත් බොහෝ කතා අතරේ අයවැය කියන්නේ සුරංගනා කතාවක් විදියට අපි දකින්නේ .විශේෂයෙන්ම මේ මොන යෝජනාව ගෙනාවත් අපි දන්නවා මේ යෝජනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇතුළේ හැමදාම තිබුණු යෝජනා ඒ නිසාම අපි කවදාවත් නරකයි කියන්නේ නැහැ නමුත් මේවා කරගන්න ජනාධිපතිතුමාට ඔය ඉන්න කණ්ඩායම ඉඩ දෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා මොකද හැමදාම ගෙනාපු යෝජනාවට විරුද්ධ වෙච්ච කණ්ඩායමක් එක්ක තමයි ජනාධිපතිතුමාට මේ දීගය ගෙනියන්න වෙලා තියෙන්නේ එහිදී කළු කුරුල්ලාගේ අවතාරයෙන් හෙවනැල්ලෙන් ගැලවිලා ජනාධිපතිතුමාට මේ කතන්දරය සර්ව සම්පූර්ණ කර ගැන යථාර්ථයක් කරගන්න පුළුවන් වෙයිද කියලා අපට ගැටලුවක් තියෙනවා. එම නිසා අපට කියන්න තියෙන්නේ කපුටාගේ කූඩුවට ගියපු පරපුටු වාගේ අයවැය කළු කුරුල්ලාගේ අවතාරයෙන් හෙවනැල්ලෙන් ගලවගෙන සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙයිද කියන ප්රශ්නය රටේ මිනිස්සුන්ට තියෙනවා ඒ වගේම ජනතාව කබලෙන් ලිපට වැටීමක් හැරුණු කොට මේ ඉදිරි කාලය ඇතුළත ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් මේක ඇතුළේ නැහැ.
ඒ වගේම පිරිසක් විපක්ෂයට ආවා එහිදී ඒ අය ආවේ ආණ්ඩුවේ ගමන් මාර්ගය වැරදියි කියලා ඇත්තම අදහසින් නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒ අය කතා කරන්න ඕන. එහෙම නැත්නම් එලියට ඇවිත් කියන්න ඕන ආන්ඩුවේ මේ මේ දේවල් වැරදියි එම නිසා තමයි ආණ්ඩුව කඩා වැටුණේ ඒ නිසා අපි විපක්ෂයක් විදියට ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපත්ති ගොඩනඟන ආණ්ඩුවක් එක්ක එකතු වෙන්න ලෑස්තියි කියන එක එලියට ඇවිත් කතා කරන්න ඕන අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේ මහ බැංකු අධිපතිතුමා ඇවිත් මන්ත්‍රීවරුන්ට දේශනයක් දුන්නා ඒකෙදි මේ රට කඩා වැටෙන්න හේතු මේවා කියන එතුමා කිව්වා .ඒවා තමයි අපි පාර්ලිමේන්තුවේ පහුගිය කාලය පුරා කිව්වේ ඒවට තමයි කුණුහරුප අහගත්තේ. බදු ප්‍රතිපත්තිය වෙනස් කරපු එක කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කරපු එක සහ මුදල් අච්චු ගැසීම ඒ සියලු දේ එතුමා ප්‍රකාශ කරා ඒවා නන්දලාල් මහත්තයට කලින් පහර මේන්තුවේ විපක්ෂයක් විදියට විපක්ෂ නායක තුමා මන්ත්‍රීවරු වශයෙන් අපිත් කතා කරලා දෙන නමුත් බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ කවුරුත් ඒවා ඇහුවේ නෑ හිටපු මහ බැංකු අධිපතිතුමා මොනවද කිව්වෙ ඩොලර් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ කිව්වා රුපියල් තියෙනවා කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා රටේ උද්ධමනය වැඩි වෙන්නේ නෑ කිව්වා හැමදාම බොරුවෙන් අන්ධ වූ ප්‍රතිවිපාක තමයි සමස්තයක් විදිහට ජනතාව දුක් විඳින්නේ එම නිසා ආපු කණ්ඩායම වෙච්ච ඇත්ත සිද්ධිය ප්‍රකාශ කරලා ජනතාවගේ ඇස් අරවන්න ඕන අපි ඡන්දයකට යන්න ඕන ගිහින් රට ජනමතයක් තියෙන ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕන
කනගාටුවෙන් වුණත් කියනවා ජනාධිපතිතුමා දැන් වැටිලා ඉන්න තැන ගැන .මමත් වැන්දබු කාන්තාවක් රටේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනාධිපතිතුමාගෙන් තිස්සේ කුට්ටි ආරච්චිගේ වගේ දෙකයි පනහේ කතා අහන්න. පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ගන්න විධිවිධාන ප්‍රතිපාදන මොනවද කියන එක ව්‍යවස්ථාවෙන් වෙන් වෙලා තියෙන දෙයක් ඒක ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ නෝනටත් එකයි සියලුම ජනාධිපතිවරුන්ගේ වැන්දඹු වන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග එකයි අපි කවුරුත් මැරෙන මිනිස්සු හැටියට ජනාධිපති වරු කිහිප දෙනෙක් ඉන්නවා අපේ රටේ ඒ සියලුම ජනාධිපතිවරු මිය ගිය දවසට ජීවත් වෙලා හිටියොත් ඒ අයගේ නෝනාවරු වැන්දබුවන් හැටියට ඒ අය ආරක්ෂා කරන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන දීලා තියෙනවා එහෙම නම් වැන්දඹුවක් පෝෂණය කරනවා බලා ගන්නවා කියන එක බයි කතාවක් විදියට තමයි කියන්න තියෙන්නේ. ජනාධිපතිතුමා දැන් කලු කුරුල්ලන් ආශ්‍රය කරන නිසා බයියෙක් වෙලාද කියන එක මේ වෙලාවේ කණගාටුවෙන් කියන්න ඕන රාජතාන්ත්‍රික විදියට ලෝකය පිලි අරගෙන ඉන්න මනුස්සයෙක් මේ වගේ දෙකයි පනහේ කතාවක් කකිරීම සම්බන්ධයෙන් කාන්තාවක් වැන්දඹුවක් විදිහට මගේ කනගාටු අප්‍රසාදය ප්‍රකාශ කරනවා.