රටේ එකම අපේක්ෂාව වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහාතා බවත් මේ රටේ හැකියාව තිබෙන, පළපුරුද්ද තිබෙන, දුෂිතයන් නොවන සියලුදෙනා ඉදිරියේදී රට ගොදනගනා වැඩපිළිවෙල සමඟ එකතු කරගන්නා බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

එතුමා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මීළඟ මැතිවරණය සඳහා තරඟ වදින්නෙ තනි අපේක්ෂකයෙකු හැටියට නොව රටේ අපේක්ෂාව හැටියට බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම තුලින් මේ රටේ ජනතාව දිනවන්නේ රට ගොඩනගන වැඩපිළිවෙලක් බවත්ය.

1947 සිට 2020 තෙක් රට පාලනය කලේ විවිධ නායකයින් පමණක් බවත් සමඟි ජන බලවේගය ලෙස මීළඟ මැතිවරණයකදී ඉදිරිපත් කරන්නේ වැඩපිළිවෙලක් බවත් එම වැඩපිළිවෙලට සජිත් ප්‍රේමදාස ඇතුළු එතුමන්ගේ කණ්ඩායම නායකත්වය දෙන බවත් රට ගොඩනැගීමේ වැඩපිළිවල වෙනුවෙන් සියලු ජනයා එක්කාසු වන බවත් බුද්ධික පතිරණ මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේය.