රටේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර සම්බන්ධයෙන් වත්මන් රජය ඉතාමත් පසුගාමීව කටයුතු කරන බව අවධාරණය කරමින් තිස්ස අත්තනායක මහතා පවසන්නේ ඉදිරි මාස වල රටේ ආහාර අවශ්‍යතාවය වෙන්නුවෙන් ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැති බවත් රටේ ආහාර අවශ්‍යතාවයට අනුව තොග පවත්වාගෙන යාමක් සිදු නොවන බවත්ය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ආහාර සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක් නොමැති නිසා වෙළඳුන්ට හිතුමතේ ආහාර මිල ඉහල දැමීමේ හැකියාවක් තිබෙන බවත් මේ නිසා පාරිබෝගික ජනතාව ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇති බවත්ය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියෙය.
එතුමා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“ලංකාවේ ආහාර අවශ්‍යතාවය පිළිබඳ තොග පවත්වාගෙන යන්නේ නෑ. ඉදිරි මාස වල රටේ ආහාර අවශ්‍යතාවය වෙන්නුවෙන් ආණ්ඩුව කිසිදු සුදානමක් වෙන්නේ නෑ. දඹුල්ලේ ලොකු ලුණු අස්වැන්න ලබා ගන්න කාලයට රටින් බී ලූණු ගේනවා. වී අස්වැන්න ලබාගන්න කාලයට හාල් රටින් ගේනවා. ලංකාවේ ආහාර අවශ්‍යතාවය පිළිබඳව සොයා බලන්න කිසිදු ක්‍රමවේදයක් අද වනවිට රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ් නිසා ආහාර අර්බුදයක් රට තුළ ඇතිවෙලා තිබෙනවා. රටේ ආහාර සම්බන්ධයෙන් කිසිදු ජාතික වැඩපිළිවෙළක් නෑ. ඒ නිසා වෙළදුන්ට හිතු මතේට ආහාර වල මිල ගණන් ඉහළ දමනවා. මෙය රටට හොද තත්ත්වයක් නෙවෙයි. රටේ ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගත යුතුයි. රටේ ආහාර අවශ්‍යතාවය පිළිබඳව නිරන්තරයෙන් සැකකිලිමත්විය යුතුයි”